Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2019 පෙබරවාරි මස 17 වන ඉරිදා
2019 පෙබරවාරි මස 17 වන ඉරිදා
දීර්ඝ කාලීන යුද්ධයක අභාග්‍ය සම්පන්න අත්දැකීම් හමුවේ දැනුණු අමිහිරි වේදනාවන් ඇත්තේ වෙනත් අයට නොව ශ්‍රී ලාංකීය ජනතාවට බවත් එබැවින් රටේ ප්‍රශ්න විසදා ගැනීමට රටට ඉඩදෙන්නැයි ද සියලුදෙනාගෙන් තමා ඉල්ලන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ඒසේම සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10 ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටුකරමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකා මාතෘ භූමිය දෙස නව මානයකින් බලන්නැයි ජනාධිපතිවරයා පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය අමතමිනි. ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (26දා) අලුයම ජනාධිපතිවරයා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරනු ලැබීය.
ඒසේම මෙවර සමුළුව ආරම්භක දිනයේදීම ජනපතිවරයාට සැසිවාරය ඇමතීමට අවස්ථාව ලැබුණි.
ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පුළුල් වගකීමක් ඉටුකළ සහ ඉටුකරමින් සිටින රටක් ලෙස මානව හිමිකම් පිළිබඳ ප්රශ්නයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලු රාජ්‍යයන්වල සහයෝගය ශ්‍රී ලංකාව තවදුරටත් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
ඉකුත් වසර තුන හමාරක කාලය තුළ පශ්චාත් යුද සමයක ඉටුකළ යුතු වගකීම් ඉටුකිරීමට කැපවූ ශී‍්‍ර ලංකා රජය ජාතික සමගිය, සංහිඳියාව සහ රට තුළ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම අරමුණු කරගනිමින් පුළුල් වැඩකොටසක් ඉටුකළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ආරක්ෂක හමුදාවන් විසින් පරාජය කරනු ලැබුවේ ලොව ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් වන අතර අද ශ්‍රී ලංකාව නොබෙඳුන රටක් බවට පත්ව ඇත්තේ විරෝධාර රණවිරුවන් ඉටුකළ එම යුග මෙහෙවර නිසා බව කියා සිටි ජනාධිපතිනරවා රටේ ඒකීයභාවය සුරැකීම වෙනුවෙන් ආරක්ෂක හමුදාව සිදු කළ එම කැපවීම සැමදා ගෞරවයෙන් සිහිපත් කරන බව ද සඳහන් කළේය.
රටක ස්වාධීනත්වය ඉතා වැදගත් හෙයින් එබැවින් එම ස්වාධීනත්වය ආරක්ෂා කරමින් රටේ ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන ලෙසද ඉල්ලා සිටි ජනාධිපතිවරයා මතුව ඇති ගැටලූකාරී තත්ත්වයන් විසදාගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ඉතාමත් වැදගත් බව සඳහන් කළේය.
විදේශ බලපෑමක් හෝ තර්ජනයක් ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බවත් අද තිබෙන්නේ මීට වසර තුන හමාරකට පෙර තිබූ ශ්‍රී ලංකාව නොව ඊට වඩා වෙනස් වූ මානවවාදී සහ පරිපූර්ණ සමාජයක් සහිත ශී‍්‍ර ලංකාවක් බවද පැවැසීය.
popular news
you may also like
rocky Wednesday, 26 September 2018 06:16 PM
අපේ පොදු ප්‍රශ්න මේ රටේ නායකයන් විසඳන ආකාරය ගැන අපට කිසි සේත්ම පැහැදීමකට පත් වන්නට බැහැ. විශේෂයෙන්ම ජනාධිපති තුමා චන්දෙට ඉස්සෙල්ලා ජනතාවට දුන් porondu wisandanu athayi dan අපට kisima wshwaasayak naha. ethumaa විසඳන්නේ දේශපාලුවන්ගේ ප්‍රශ්න විතරක් වගෙයි පෙනෙන්නේ! .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd