www.ada.lk
2019 පෙබරවාරි මස 20 වන බදාදා
රේගු වෘත්තීය සමිති ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පිටකොටුව හතරවන හා පස්වන හරස්වීදිවල තොග වෙළෙඳසැල් වසාදමා තිබෙන ආකාරය අද (05දා) පෙරවරුවේ එහි ගිය අපට දැකගත හැකි විය.
එම වෙළෙඳසැල්වල රැකියාවන්හි නියුතු සේවයකින් හා නාට්ටාමිවරුන් වෙළෙඳසැල් විවෘත කරනු තුරු රැඳී සිටින ආකාරයත්,පිටපළාත්වල සිට ආහාරද්‍රව්‍ය රැගෙන යෑමට පැමිණි ලොරි රථ නවතා තිබෙන ආකාරයත් නිරීක්ෂණය විය.
රේගු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනවාරි 30 වැනිදා සිට ආහාර කන්ටේනර් 1500ක් කොළඹ වරායේ සිරවී තිබෙන බවත්,මේ හේතුවෙන් පිටපළාත්වලට ආහාර බෙදාහැරීමේදී ගැටලුවක් මතුවී තිබෙන බවත්අතවශ්ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙදුන්ගේ සංගමයේ සභාපති ජී.රාජේන්ද්‍රන් මහතා පැවසීය.
එම කන්ටේනර්වල ඇති අල,ලූණූ,සීනි,කරවල,හාල්මැස්සන් වැනි අතවශ්‍ය ආහාර විනාශ වී යාමේ අනතුරක් තිබෙන බවත්,දෛනිකව කන්ටේනර් ගුදම් ගාස්තු ගෙවීමට සිදුවීමෙන් වෙළෙන්දන්ට පාඩු සිදුවී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ආණ්ඩුව සහ රේගු වෘත්තිය සමිති විසඳාගත යුතු ප්‍රශ්නයක් හේතුවෙන් ආහාර ද්‍රව්‍ය බෙදාහරින වෙළෙන්දන් හා ජනතාව පීඩාවට පත්වී තිබෙන බවත්,රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීම සම්බන්ධව වෙළෙන්දන්ට ගැටලුවක් නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
ශ්‍රී ලංකාවට අති විශිෂ්ඨ ටෙස්ට් ජයක්
මාරවිල රිය අනතුරින් 3ක් ජීවිතක්ෂයට
පුත්තලමේ හර්තාල්
මහජන එක්සත් පෙරමුණේ 22 වන මහා සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන්
කොළඹ නවම් පෙරහර අදත්
ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අදින් ඇරඹේ
you may also like
දෙවෙනි ඉනිමත් එක්ක තව කාලයක් ඉන්න කැමතියි
MODELS NIGHT OUT 2019
දමිත් අසංක කොරියාවේ ගී ගයද්දී තරුණයෙක් වැඳ වැටෙයි
අකිල සහ අමන්දාගේ PRE SHOOT එක
තිරිමාදුරගේ 25වැනි විවාහ සංවත්සරයට දියණිය සුභ පැතූ හැටි
හර්ෂ උඩකන්දගේ නවතම සිනමා සිත්තමේ වැඩකටයුතු ඇරඹේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd