නාඋල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අරංගලවත්ත ප්රදේශයේ වන ලැහැබක් ආසන්නයේ බෝක්කු බටයක් තුළ වසර දෙකක් තිස්සේ ජීවත්වන පුද්ගලයෙකු සිටින බව ප්රදේශවාසීහු සඳහන් කරති.
අව්ව වැස්ස මෙන්ම වන සතුන්ගෙන් එල්ල විය හැකි කරදර මැද්දේ තනිව ජීවත් වන මෙම පුද්ගලයා සුබ්රමනියම් කරුපයියා (අවු.47) නමැත්තෙකි.
මෙම පුද්ගලයා යාබද අරංගලවත්ත ප්රදේශයේ පදිංචි පවුල්වලට නෑකම් කියන පුද්ගලයෙකු බවත් මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවද ඔවුහු පවසති.
නගරයේ බොහෝ ස්ථානවල ඇවිදිමින් විවිධ වෘත්තීන් සඳහා සහාය දක්වමින් සොයා ගන්නා සුළු මුදලකින් සුබ්රමනියම් ජීවිතය සරිකරගන්නා බව අප ඔහු බැලීමට ගිය අවස්ථාවේ සඳහන් කළේය.
සුබ්රමනියම් ජීවිත්වන වන ලැහැබට ඔබ්බෙන් වූ අරංගලවත්ත ගම්මානයෙන් ඔහු පිළිබඳ තොරතුරු විමසීමට අප උත්සාහ කළද සුබ්රමනියම් පිළිබඳ නිසි තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය.
තනිවම කුමක් හෝ උයාගෙන බෝක්කු බටයක් තුළ වසර දෙකක් ජීවත් වන සුබ්රමනියම් කතා කිරීමට මැලිකමක් දැක්වීය.
නාඋල - ඉන්දික අරුණ කුමාර