ගූගල් සමාගම සැමවිටම තම නිෂ්පාදන තුළ යම් සංහිඳියාවක් ඇති කිරීමේ ප්රයත්නයක් ගන්නා බව දැක ගත හැකි කරුණක්. ඔබ ගූග්ල් ප්ලේ මියුසික් හා සම්බන්ධ වුවහොත් ඔබට යූටියුබ් රෙඩ් සේවාව හා නොමිලයේ සම්බන්ධ වීමේ හැකියාව පවතියි. එය ඔබට විශේෂ අන්තරගතයන් දැකගන්නට උපකාරී වනු ඇති අතර, ප්‍රචාරන දැන්වීම් නැති, භාගත කර ඕෆ්ලයින් අවස්ථාවේ යූටියුබ් දර්ශන නැරඹිය හැකි අවස්ථාවක්ද එයින් ලැබෙනවා.
යූටියුබ් හී සංගීතයට අදාළ අංශයේ ප්‍රධානී පවසන්නේ මෙම YouTube Red සහ Google Music එක්විය යුතු බවයි. එය තවතවත් සබ්ස්ක්‍රයිබර්ස්ලා මේ වෙත ඈඳා ගැනීමට සාර්ථක තත්ත්වයක් වනු ඇති බව ඔහු පවසයි. මේ සම්බන්ධව ගූග්ල් පාර්ශවයෙන් පවසන්නේ ඔවුන්ට වඩා වැදගත් Google Music සේවාව තවතවත් ජනතාව අතරට ගෙනායම වෙනුවෙන් වඩා හොඳම දේ ජනයාට ලංකළ යුතු බවයි.
බොහෝදෙනෙකු මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙම සේවාවන් දෙක එක්කර ඉදිරිපත් කිරීමේ වැඩ ඉඩ කඩක් ඇති බවයි. එය මෙම සේවාවන් දෙකෙහි සාමූහිකත්වය සම්බන්ධයෙන් නොදන්න බෙහෝදෙනෙකු අතරට මෙය ව්‍යාප්ත කරවන්නට උපයෝගී කරගන්නට හැක.