Google සමාගමේ Daydream නමින් ඇති වර්චුවල් රියැලිටි වැඩසටහන පවතින තත්ත්වයෙන් වෙනස් වී වැඩි දෙනෙකුට ලැබිය හැකි අත්දැකීමක් බවට පත්වන්නට නියමිතයි. ඒ අනුව ස්මාට්ෆෝන් උපාංග 11කට මේ වසර අග වන විට ඩේඩ්රීම් වර්චුවල් රියැලිටි අත්දැකීම ලැබෙනු ඇත. දැනට පවතින තත්ත්වය සමග එය සාර්ථක පැතිරීමක් ලෙස දැක්විය හැක.
ගූග්ල් පික්සල් ස්මාට්ෆෝන් දෙක සතු මෙම පහසුකම වර්චුවල් රියැලිටි හෙඩ්සෙට් එකක් හරහා ඇත්දැකීමේ පහසුව ලැබිය හැක්කේ Moto Z, ZTE Axon 7, Asus Zenfone AR, Huawei's Mate 9 Pro සහ Porsche Design Mate 9 ලෙසින් ස්මාට්ෆෝන් හතක් දක්වා ගණනය කිරීමක් කළ හැක. මෙයට Samsung සමාගමේ Galaxy S8 සහ S8+ උපාංග දෙකද ඇතුළත් වීමට නියමිතය. ඒ අනුව නමයක් බවට පත්වන ස්මාට්ෆොන් සංඛ්‍යාව එකොළහක් වීමේ ඉඩ ඇත්තේ මීළඟට මේ වසර අග නිකුත් වීට නියමිත ගූග්ල් පික්සල් ස්මාට්ෆොන් දෙකත් සමග බවට සැක නැත.
Google සමාගමේ Daydream View වර්චුවල් රියැලිටි හෙඩ්සෙට් එකත් සමගින් ඔබට අංශක තුන්සිය හැටක් දක්වා වූ මෙම අත්දැකීම විඳීමේ ඉඩ සැලසෙනු ඇත. මිළාධික HTC Vive හෝ Oculus Rift උපාංගවලට වඩා මෙම උපාංගය බරෙන් අඩු, ජවයෙන් අධික නිසා සාර්ථක විසඳුමක් වනු ඇත.