Xiaomi සමාගම මේ වසරේදී නව වාර්තාවක් තැබීමේ සූදානමින් පසුවෙනවා. 2016 වසරට සාපේක්ෂව අතිසාර්ථක අලෙවි වාර්ථාවක් තබන්නට සමත් වන Xiaomi සමාගම මේ වසරේදී උපාංග මිලියන 90ක අලෙවියක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙනවා. එසේම ඔවුන් දැනටත් එයින් වැඩි ප්රමාණයක් අලෙවි කර අවසන්. 2016 වසරේදී Xiaomi අලෙවිය අතින් යම් තරමක් පහළ බැස්සද, ඔවුන් 2017 වසරේදී එය මිලියන 70 සීමාවේ තබාගන්නට සමත් වුනා.
මෙම අලෙවිය තබාගන්නට ඔවුන්ගේ ආරම්භක මට්ටමේ ස්මාට්ෆෝන් උපාංග වන Xiaomi Redmi 5A වැනි සාර්ථක නිර්මාණ හඳුන්වාදීම ඉවහල් වුණා. ඇෙමරිකානු ඩොලර් 90ක පමණ මිලකට සාර්ථකව බොහෝ මිනිසුන්ගේ සාක්කුවට ආ මෙම ස්මාට්ෆෝනය සේම, Xiaomi හී ඉහළ පන්නයේ ෆ්ලෑග්ෂිප් ස්මාට්ෆෝනද තවමත් හොඳින් අලෙවි වෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් ඔවුන් ස්මාට්ෆෝන් මිලියන 10ක් අලෙවි කරන්නට සමත්ව තිබෙනවා. මෙලෙස එක් මාසයකදී ස්මාට්ෆෝන් කෝටියක් අලෙවි කිරීමම Xiaomi සමාගම චීනය තුළ අංක දෙකට ඉහළ අලෙවියක් ඇති ස්මාට්ෆෝන් සමාගම බවට පත් කර තිබෙනවා. Huawei සමාගම මෙම වාර්තාවෙහි චීන ස්මාට්ෆෝන් වෙළෙඳ පොළෙහි අංක එක දිනා සිටින අතර, දෙවැනි ස්ථානය Xiaomi ගෙන් අනතුරුව අනෙක් ස්ථාන දෙක Oppo සහ Vivo දිනාගෙන තිබෙනවා.