වර්තමානය වනවිට ලැප්ටොප් පරිගණකයන් පරිණාමය වී ඇත්තේ දෙමුහුන් උපාංගයන් ලෙසින් ක්‍රියාත්මක වීමට බව නොරහසකි. මෙම උපාංගයන් ලැප්ටොප් පරිගණකයක්, ටැබ්ලට් පරිගණකයක් මෙන්ම ග්‍රැෆික් ටැබ්ලට් ලෙසින්ද භාවිත කිරීමට හැකිවීම මේවායේ ඇති විශේෂත්වයයි.
මින් පෙර නිකුත් වූ Microsoft Surface Pro 4 උපාංගය ලබාගත් විශාල අවධානයත් සමගින්, මෙම වසරේ එළිදැක්වුණු මෙම Surface Pro උපාංග පෙළෙහි නවතම සාමාජිකයා වූ Microsoft Surface Pro 2017 සම්බන්ධයෙන්ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණි. විශේෂයෙන්ම මීලඟ උපාංගය Surface Pro 5 නොවී Surface Pro 2017 වීමද බොහෝ දෙනෙකුගේ විමසුමට පාත්‍ර විණි.
කෙසේ නමුත් එම නාමය සම්බන්ධ කරුණු කාරණා දැනගැනීමට නොමැති වුණත්, මෙය නවතම උපාංග කොටස් 800 ක් ද සමගින්, පැරණි Surface Pro 4 උපාංගයේ දියුණු අනුප්‍රාප්තිකයෙකු ලෙසින් ජනාදරය දිනාගැනීමට සමත් විණි.
නිෂ්පාදකයින් විසින් පවසන ආකාරයට මෙහි පූර්වජයාට මෙන්ම මෙම Surface Pro 2017 උපාංගයටද, භාවිත කළ හැකි ආකාර තුනක් තිබේ. ඔබට මේ සමගින් එන කික්ස්ටෑන්ඩ් එක සහ කීබෝඩය සමගින් සම්පූර්ණයෙන්ම ලැප්ටොප් පරිගණකයක් භාවිත කරනා ආකාරයේ අත්දැකීමක් ලබාගැනීමට හැකියාව ඇත.
එසේම මෙහි කික්ස්ටෑන්ඩ් එක වඩාත් පහත කෝණයකට සකස් කොට, ඔබට Surface Pro 2017 උපාංගයද සමගින් ලිවීමේ සහ චිත්‍ර හෝ රූප සටහන් ඇඳීමේ වැඩ කටයුතු සඳහා, එනම් ස්ටුඩියෝ ආකාරය සඳහා මෙය සකසා ගැනීමට හැක. එසේත් නොමැතිනම් කික්ස්ටෑන්ඩ් එක වසා, මෙහි කීබෝඩය සහිත කවරය ඉවත් කොට නැතිනම් පසුපසට නවා මෙය සම්පූර්ණ ටැබ්ලට් උපාංගයක් ලෙසින් භාවිත කිරීමටද අවකාශ තිබේ.
මෙම උපාංගයේ කැපී පෙනෙනා විශේෂත්වයක් වන්නේ මෙහි විශ්වාස කළ නොහැකි බැටරි බලයයි. මෙය එක් වරක් ආරෝපණය කළ පසුව නොනවත්වාම පැය 13.5 ක පමණ කාලයක් ක්‍රියාත්මක කළ හැකි නිසා දළ වශයෙන් සම්පූර්ණ වැඩ කරන දිනයක්ම පුරා ආරෝපණය කිරීම සම්බන්ධයෙන් වද නොවී මෙය භාවිත කිරීමට ඔබට හැකිවනු ඇත.
මෙම Surface Pro 2017 උපාංගය මෙහි පූර්වජයා වූ Surface Pro 4 උපාංගය හා සසඳන විට 50% ක බැටරි බලයේ දියුණුවක් පෙන්වා සිටී. එසේම මෙය පැරණි Surface Pro 3 උපාංගය මෙන් 2.5 ගුණයක් කාර්යක්ෂමතාෙවන් සහ වේගයෙන් වැඩි බවද කිව යුතුවේ. එසේම මෙහි ඇති PixelSense තිරයද මෙහි පැරණි උපාංගයන්ට වඩා සුපැහැදිලි දසුන් සහ තීව්ර වර්ණයන් ලබාදෙනු ඇත.
ඔබට මෙම Surface Pro 2017 උපාංගය සංස්කරණ නවයකින් සහ වර්ණයන් හතරකින් මිලදී ගැනීමට තිබෙ. මෙහි මූලික සංස්කරණයේ Intel® Core™ m3 ප්‍රොසෙසරයක් තිබෙනා අතර, 128GB SSD මතකයක්, 4GB රැම් අගයක් සහ Intel® HD Graphics 615 ග්‍රැෆික් ප්‍රොසෙසරයක් තිබේ. එසේම Intel® Core™ i5 ප්‍රොසෙසරයක් සහිත සංස්කරණයන් දෙකක් ඇත.
ඒවායේ Intel® HD Graphics 620 ග්‍රැෆික් ප්‍රොසෙසරයන් ඇති අතර, පිළිවෙලින් 128GB SSD මතකයක් හා 4GB රැම් අගයක් එක් සංස්කරණයකත්, 256GB SSD මතකයක් හා 8GB රැම් අගයක් අනෙක් සංස්කරණයේත් තිබේ.
අවසාන වශයෙන් වඩාත් ප්‍රබල වැඩකටයුතු සඳහා Surface Pro 2017 උපාංගය මිලදී ගන්නවුන් හට Intel® Core™ i7 ප්‍රොසෙසරයක් සමගින් එන සංස්කරණ තුනක් හඳුන්වා දී තිබේ.
මේවායේ Intel® Iris™ Plus Graphics 640 ග්‍රැෆික් ප්‍රොසෙසරයක් අන්තර්ගත කොට ඇති අතර, පිළිවෙලින් 256GB SSD මතකයක් හා 8GB රැම් අගයක් ඇති සංස්කරණයක්, 512GB SSD මතකයක් හා 16GB රැම් අගයක් ඇති සංස්කරණයක් හා 1TB SSD මතකයක් හා 16GB රැම් අගයක් සංස්කරණයක් තිබේ.
මෙයට අමතරව මෙහි දෘඩාංගයන් සහ හැකියාවන් සම්බන්ධයෙන් කථා කරන්නේ නම්, Surface Pro 2017 උපාංගයේ අඟල් 12.3 ක PixelSense ස්පර්ෂ තිරයක් තිබේ. එයට 2736 x 1824 (267 PPI) තිර විභේදනයක් ඇත. එසේම මෙම ස්පර්ෂ තිරය 10 point multi-touch හැකියාවෙන් යුක්ත වේ. මෙහි සම්මත Wi-Fi සහ Bluetooth 4.1 රැහැන් රහිත තාක්ෂණයන් ස්ථාපනය කොට තිබේ.
වෙනත් සම්බන්ධතා සඳහා USB 3.0 පෝට් එකක්, microSDXC කාඩ් රීඩරයක්, Surface Connect පෝට් එකක්, 3.5mm Headset jack එකක්, Mini DisplayPort එකක් සහ Cover port එකක් තිබේ. මීට අමතරව මෙහි ඉදිරිපසට මෙගාපික්සල් 5 ක Windows Hello face authentication පහසුකම සහිත, 1080p Skype HD වීඩියෝ හැකියාවැති කැමරාවක් හා පසුපසට මෙගාපික්සල් 8 ක, 1080p Full HD වීඩියෝ හැකියාවැති කැමරාවක් තිබේ.
එසේම Ambient light sensor, Accelerometer, Gyroscope යන සෙන්සරයන්ද මෙහි ඇත. මෙය ධාවනය වන්නේ Windows 10 Pro මෙහෙයුම් පද්ධතිය මතින් වන අතර, උපාංගයේ ආරක්ෂාව සඳහා TPM චිපයක්ද, Windows Hello face sign-in පහසුකම සමගින් Enterprise-grade ආරක්ෂක හැකියාවන්ද තිබේ.
අවසානයට කිව යුත්තේ ඔබට මෙහි මූලික සංස්කරණය මිලදී ගත්තද, ඔබේ නිර්මාණ කටයුතු සඳහා හෝ එදිනෙදා පරිගණක අවශ්‍යතා සඳහා භාවිතයට Surface Pro 2017 උපාංගය ඉතාමත්ම හොඳින් ගැළපෙන බවයි.
එසේම නව තාක්ෂණානුකූලව Alcantara® අමුද්‍රව්‍යයකින් නිර්මාණය කළ Surface Pro Signature Type Cover උපාංගය මෙහි යතුරු පුවරුව ලෙසින් ක්‍රියාත්මක වන අතර, එයද මයික්‍රොසොෆ්ට් වෙතින්ම වැඩිපුර මුදලක් ගෙවා මිලදී ගත යුතු වෙයි.
https://goo.gl/CXxR3j