ඔබේ ස්මාට්ෆෝනයන් හෝ ටැබ්ලට් උපාංගයන් මගතොට සිටිනා අතරතුරදී ආරෝපණය කරදීමට සමත් පවර් බෑන්ක් උපාංගයන් තවදුරටත් ඔබට ආගන්තුක විය නොහැක. ඒ තරමටම මෙම ධාරිතාෙවන් උසස් එහෙත් ප්‍රමාණයෙන් හුරුබුහුටි බල ධාරිතා උපාංගයන් ජනප්‍රිය වී තිබේ.
හඳුන්වා දෙන MyCharge Adventure Ultra උපාංගයද එක්තරා ආකාරයක පවර් බෑන්ක් එකක් ලෙසින් හැඳින්වීමට හැකිවූවද, එය වඩාත් බලයෙන් වැඩි සහ ඒ හා භාවිතා කිරීමට හැකි උපාංග පරාසයෙන් වැඩි බල සැපයුම් ඒකකයක් ලෙස පෙන්වා දීම වඩාත් ගැළපෙනු ඇත.
වොට් 45 ක බල ප්රතිදායනකින් සමන්විත මෙම MyCharge Adventure Ultra බල සැපයුම මගින් ඔබේ ස්මාට්ෆෝනය, ලැප්ටොප් උපාංගය, ටැබ්ලට් උපාංගය මෙන්ම ඩී.එස්.එල්.ආර්. කැමරාවද පහසුවෙන් ආරෝපණය කරනු ඇත.
එසේම මේවාට වඩා අඩු බල අවශ්‍යතාවයක් ඉල්ලා සිටිනා එල්.සී.ඩී. මොනිටරයක් හෝ කුඩා විදුලි පංකාවක් වුවත් පහසුවෙන් ආරෝපණය කිරීමට මෙය සමත්වනු ඇත. දැන් ඔබට මතුවන ගැටළුව වන්නේ මෙවැනි උපාංග ආරෝපණය කිරීමට අතරමගකදී ඇතිවන අවශ්‍යතාව කුමක්ද යන්නයි. ඒ සම්බන්ධයෙන් ඇති වැදගත්කම ඔබට සිහිවනු ඇත්තේ කඳවුරු චාරිකාවකට හෝ වෙනත් එවැනි අවස්ථාවකට ඔබ සහභාගි වූ විටකදීයි.
මෙහි ප්‍රමාණයද විශේෂත්වයක් ලෙසින් දැක්විය හැක. අතීතයේ තිබූ හුරුබුහුටි වෝක්මන් උපාංගයකට සමාන වන මෙය පළලින්, උසින් සහ ගැඹුරින් අඟල් 5.8x4.1x1.2 ලෙසින් මානයන් දැක්වේ. මෙවැනි හුරුබුහුටි ප්‍රමාණයකින් යුක්ත වූවත් මෙය තුළ ප්‍රමාණයේ බැටරියක් තිබේ. එසේම බහු උපාංග ආරෝපණ හැකියාවට ඉඩ සලසමින් මෙහි USB-Aපෝට් දෙකක්, USB-C පෝට් එකක් සහ AC පෝට් එකක් තිබේ.