Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
ශ්‍රී ලංකාව තවමත් තරුණ කණ්ඩායමක් බවත් කණ්ඩායම සෑම අවස්ථාවකදී ඉගෙන ගන්නා බවත් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සඳහන් කරයි.
ඔස්ට්‍රේලියාව හා පැවැති ටෙස්ට් තරගයෙන් පසුව ත්‍යාග ලබාදීමේ අවස්ථාවේදි අදහස් දක්වමින් චන්දිමාල් මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් පසුගිය වසර 4ක පමණ කාලයක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් ක්‍රීඩකයන් ප්‍රකාශ කළේ කණ්ඩායම තරුණ කණ්ඩායමක් බවත් සෑම අවස්ථාවකදීම ඉගෙන ගන්නා බවක්ය.
“කණ්ඩායමේ සෑම අංශයක්ම නියමිත පරිදි ක්‍රීඩා කළේ නෑ. සම්පූර්ණ ගෞරවය ඔස්ට්‍රේලියාවට යා යුතුයි. ඔවුන් තරගාවලිය පුරාම හොඳ ක්‍රිකට් ක්‍රිඩා කළා. ඔවුන් ජයග්‍රහණයට සුදුසුයි. ඒක හරිම අමාරුයි.
විශේෂයෙන්ම අවසන් මාස හය තුළ අපිට අපේ හොඳම එකලොස් දෙනා තෝරා ගැනිමට නොහැකි වුණා. ඒ තමයි අපි අවධානය යොමුකරන එක් පැතිකඩක්. ඒක තරගයේ පැත්තක්.
ඔබට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙයි නම් ඔබ එය අත් දෙකින්ම භාර ගත යුතුයි. අපි තරුණ කණ්ඩායමක්. හැම වෙලාවෙම අපි ඉගෙන ගන්නවා. විශේෂයෙන්ම මෙම තත්ත්වයන් යටතේ. අපි නැවතත් දකුණු අප්‍රිකානු තරගාවලියේදි නැගී සිටිනවා.”
චන්දිමාල් මෙම ටෙස්ට් තරග දෙකේදී ඉනිම 4දී රැස්කළේ ලකුණු 24ක් පමණකි. ඒ අනුව තරගයක ඔහුගේ සාමාන්‍ය 12ක් වෙයි. වැඩිම ලකුණු ප්‍රමාණය 15කි.
මේ අතර දිනේෂ් චන්දිමාල්ගේ අවසන් ටෙස්ට් තරග පහේදී ඔහු ලකුණු රැස්කළ ඇත්තේ මේ අයුරින්.
33,1,6,DNB,6,56,5,0,15,4
popular news
CRICKET LOVER Monday, 04 February 2019 01:00 PM
ඔය ගොල්ලෝ එගන ගන්න ඉස්කෝලයට යන්න , ඔයගොල්ලෝ ජතිඅන්තර ච්රිච්කෙට් කණ්ඩායමක් ඔය් ගොල්ලන්ට ඒගැන ගන්න නිවය් ICC අකෙන් ලුකු මුද්හලක් ගෙවන්නේ ඔය එල්ල ඇස වෙන්න ලැජ් ජී නෙහ, පුහුණු කරුවත් එල්ල අස්වෙන්න ඕනය්, විනි ලේජ්ජි. කන්දයම අතුල ප්‍රසන වෙඩි අකමුතු කම නෙහ, සල්ලි විතරි ඕනය් , රට ගෙන කව්රුවත් හිට්ල සෙල්ලම් කරුන්නය් නෙහ හෙතන්නය් නෙහ
Reply : 7 0
anura Tuesday, 05 February 2019 12:42 PM
මොහුගේ නායකත්වයට සුදුසු නෙත වෙන දක්ෂ ක්‍රීඩකයෙක් හැකියාවට අනුව පෙරමුණට ගත යුතුය . නායකත්වය සඳහා අවශ්‍ය ලක්ෂණ මොහු සතුව නෙත . .
Reply : 10 0
Champa Tuesday, 05 February 2019 01:59 PM
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඈවර කරලා හෙවත් විසුරුවා හැරලා, ලංකාවේ ක්‍රිකට් පාසල් මට්ටමේ ඉඳන් නැවත පටන් ගන්න ඕනේ. හරියට දේශපාලකයෝ වගේම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් අන්තිම දූෂිතයි. මේ ගොල්ලෝ හදන්න බැහැ. දුවන්නේ සල්ලි පස්සේ. දිනුවම ලැබෙන ගානට වඩා දහස් ගුණයක් පැරදුනහම ලැබෙන කොට කරන්නේ පරදින එක. මේ ක්‍රීඩකයෝ කරන්නේ පට්ට බොරුවක්. හතුරුසිංහගේ වැරැද්දක් නැහැ. හතුරුසිංහ බංගලාදේශේ නග්ගල ගත්ත හැටි දැක්කද? කොහොම හිටපු කණ්ඩායමක්ද? පස්සේ අපි බංග්ලාදේශේටත් පරදින කොට ක්‍රිකට් ලොක්කෝ හතුරුසිංහව ගෙනාව. හැබැයි හතුරුසිංහ පුහුණු කෙරුවට ගහන්නේ ක්‍රීඩකයෝ. ඒ හින්ද ක්‍රීඩකයෝ කලේ පරණ සෙල්ලමම. සල්ලි වලට ජයග්‍රහණ පාවල දුන්නු එක. ඕනේ කමින් අවුට් වෙච්ච එක. ඔනෙකමින් උඩ පන්දු ඇත හැරපු එක. එහම්ත් නැත්නම් කණ්ඩායම පරදින විදිහට තමන් විතරක් ලකුණු එකතු කරගත්තා එක. දක්ෂ ප්‍රවීන ක්‍රීඩකයෝ යන තැනට වැඩ සිද්ධ කළා මුලින්ම. ක්‍රීඩා ඇමතිට කියන්න ඕනේ ලංකාවේ එකම ක්‍රීඩාව ක්‍රිකට් විතරක් නෙමෙයි කියන එක. අපකීර්තිමත් ශ්‍රී ලංකා ක්‍රිකට් අතැරලා අනිත් ක්‍රීඩා ඉහල නංවන්න බලන්න ඕනේ ඒවාටත් මේ ක්‍රිකට් දූෂණ බෝවෙන්න ඉස්සෙල්ල.
Reply : 2 3
ඉසුරු අනුරංග Tuesday, 05 February 2019 07:04 PM
මම දකින හැටියට චන්දිමාල් කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුගේ දක්ෂතාවය ගොඩක් වෙලාවට එළියට එන්නේ සාමාන්‍ය පිතිකරුවෙක් හැටියට ක්‍රීඩා කරන අවස්ථා වලදී. ඒක මහේල, සංගක්කාර වගේ නිවැරදි දැක්මක් වගේම හොඳ සැලසුමක් සහිතව තම කණ්ඩායම මෙහෙයවන නායකයෙක් යටතේදී චන්දිමාල් ඔප්පු කරලා තියෙනවා. නායකත්වයේ වගකීම දැරීමට ඔහුට අවස්ථාව ලබා දීම ඔහුට විශාල පීඩනයක් වෙලා තියෙනවා. චන්දිමාල්ව නිවැරදි ආකාරයට කළමනාකරණය කලොත් අනාගතයේ සුපිරි පිතිකරුවෙක් ඔහුගෙන් බිහිකරගන්න පුළුවන්. මගේ පෞද්ගලික විශ්වාසය නායකයා විය යුතු වන්නේ හොඳම ක්‍රීඩකයා නොවේ. ටීම් එකේ හැම ක්රීඩකයෙකුගේම පුද්ගලික ජයග්‍රහණයක් තමන්ගේ ජයග්‍රහණයක් විදිහට දැකලා අවංකවම සතුටු වන, ඒ ඒ ක්‍රීඩකයාගේ දක්ෂතා මෙන්ම දුර්වලතා ද හොදින් දන්නා, නිදහස්, සාමාන්‍ය ක්‍රීඩ්කයෙක්. ඒ වාගේම ඒ ඒ ප්‍රතිවාදී පිතිකරුවන්ගේ දුර්වලතා මැනවින් හදුනාගෙන නිවරදි ලෙස Fielding positions තීරණය කළ හැකි අයෙකු වීම තරඟයක් ජයග්‍රහණය කරවීම සඳහා නායකයා සතු වැදගත් ගුණාංගයක් වෙනවා...
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd