www.ada.lk
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
එළඹෙන 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ පාපන්දු තරගාවලියේ ටර්ක්මෙනිස්ථානය සමගින් පැවති තරගය ගෝල 2-0 ක් ලෙසින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. තරගාවලියේ දෙවැනි වටයේ තරගයක් ලෙසින් ඊයේ (05දා) මෙය පැවත්විණි. තරගයේ පළමු අර්ධයේදී ගෝලයක් රැස් කරගත් ටර්ක්මෙනිස්ථානු ක්‍රීඩකයෝ ගෝල 1-0 ක් ලෙසින් එම අර්ධය අවසනදී ඉදිරියෙන් පසුවූහ. දෙවැනි අර්ධයේදීද ඔවුන් තවත් ගෝලයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණ බලාපොරොත්තු ඈතට ගෙන ගියේය. කෙසේ වෙතත් අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ටර්ක්මෙනිස්ථානය 132 වැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයේත් රැදී සිටියි. මෙම තරගය 2023 වර්ෂයේ ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලියක් ලෙසින්ද පැවැත්වේ. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දෙවැනි තරගයට එළඹෙන 10 දා සහභාගි වන්නේ උතුරු කොරියාවට එරෙහිවය.
තරගයේ අවස්ථා
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd