කුකුළු අටකලන් නවදුන් කෝරළයන්හි ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රෙව්දී අයගම ජිනසිරි නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය අද (02දා)ට යෙදී තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කුකුළු කෝරළයේ පල්ලේ පත්තුවේ වූ අයගම ගම්මානයේ 1941 ඔක් 02දා උපත ලැබූ ජිනසිරි නාහිමියෝ 1956 පෙබරවාරි 18දා පූජ්‍ය වගවත්තේ ඉන්දුසුමන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් කුට්ටි කන්ද ශ්‍රී නිබ්බතාරාමයේදී අයගම ජිනසිරි නමින් පැවිදි ජීවිතයට ඇතුළත් වූහ.
තම ගුරු හිමියන් වෙතින් පැවිදි දිවියට අදාළ මූලික අධ්‍යාපන කටයුතු හැදෑරීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාල පීඨයට ඇතුළත්වූ නාහිමියෝ එහිදී මනා ලෙස අධ්‍යාපනය හැදෑරීමෙන් පසු කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත් වී 1967දී ශාස්ත්‍ර‘වේදී උපාධිය දිනාගැනීමට සමත් වූහ.
උන්වහන්සේ අතිපූජ්‍ය පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකර මහානායක මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ත ධම්මානන්ද අනුනායක නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් මෙන්ම පූජ්‍ය උදුරුව ශ්‍රී පේමානන්ද හිමියන්ගේ කර්මවාචාර්යත්වයෙන් මහනුවර මල්වතු මංගල උපෝසතාගාරයේදී 1961 ජුනි 23දා උපසම්පදාව ලැබුහ.
ජිනසිරි හිමියෝ රත්නපුර මල්වල ශ්‍රී ඤාණෝභාෂ පිරිවෙනෙහි සුළු කාලයක් ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ අතර, 1976 නොවැම්බර් 01දා බණ්ඩාරවෙල කන්දෙගෙදර කිරිඔරුව විද්‍යාලයෙන් රජයේ ගුරුසේවයට එක් වූහ.
අනතුරුව නාහිමියෝ බණ්ඩාරවෙල කන්දේගෙදර මධ්‍ය මහා විද්‍යාලය ර/බෝපැත්ත මහා විද්‍යාලය, ඇහැළියගොඩ ධර්මපාල විද්‍යාලය, අරෑපොළ ශ්‍රී මහින්ද විද්‍යාලය යන විද්‍යාලවල දිගු කලක් සේවය කිරීමෙන් අනතුරුව 1997 ඔක්තෝම්බර් 02දා ගුරු සේවයෙන් විශ්‍රාම ගත්හ.
1969 වර්ෂයේදී ඇරෑපොළ ශ්‍රී විසුද්ධාරාමයේ අධිපති පදවියට පත්වී නොබෝ කලකින් එම විහාරස්ථානය ප්‍ර‘දේශයේ අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කරවීමට නාහිමියෝ සමත්වූහ. උන්වහන්සේ %ප්රචචන කීර්ති ශ්‍රී ඉන්ද්‍ර‘ජෝති ගෞරව සම්මානය^ සහිත කුකුළු අටකලන්, නවදුන් කෝරළයන්හි ප්‍රධාන සංඝ නායක පදවියෙන්ද 2011 ජූලි 02දා පිදුම් ලැබූහ.
නා හිමියන්ට විශාල ගිහි ශිෂ්‍ය පිරිසන් සිටින අතර, ඉන් වැඩි පිරිසක් විසින් සමාජයේ විවිධ නිලතල දරමින් විශාල සේවාවක් ඉටුකරනු ලබයි.
අද (02දා) යෙදෙන නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිති කරගෙන විහාරස්ථානයේ පැවැත්වෙන කඨින පිංකමට සමගාමීව අද දිනයේදීම දිගාසිරි පැතීමේ පිංකම් මාලාවක්ද පැවැත්වීමට නාහිමියන්ගේ ශිෂ්‍ය රාජකීය පණ්ඩිත හියදල සුමනසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථාන දායක සභාව කටයුතු කර තිබේ.