උපාධිධාරිනියක වූවද වසර 4ක් පුරා කිසිඳු රැකියාවක් නොලැබ ගව මඩුවක ජීවත්වන ශාලිකා නවෝදනී තිස් එක් හැවිරිදි දෙදරු මවක් වන අතර ඇගේ සැමියා සමග මෙසේ ගවගාලක ජීවත් වෙති.නිවසකට හා බිම් අගලකට හිමිකම් නොමැති මොවුන් සැමියාගේ ඥාතීන් අයිතිවාසිකම් කියමින් නිතර ආරවුල් සිදුකරන ඉඩම් කැබැල්ලක මෙසේ ජීවත් වෙති.
ගලහ බෙල්වුඩ් ජනපදයේ ජීවත්වන මෙම පවුලේ 04 දෙනෙක් වූවද ගවයන් තිදෙනෙකු සමග 8 දෙනෙකු එකම නිවසේ ජීවත් වෙති.ගලහ පුෂ්පදාන විද්‍යාලයෙන් පහ වසර දක්වාද ඉන්පසුව දෙල්තොට කරගස්කඩ මහාවිද්‍යාලයෙන් උසස්පෙළ දක්වාද අධ්‍යාපනය හදාරා ඇති ශාලිකා නවෝදනී, 2013 වසරේදී පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍ර‘වේදී උපාධිය හිමිකරගෙන ඇත.
ඇගේ සැමියා වන රංජිත් ප්රියශාන්තද අ.පො.ස සාමාන්‍ය පෙළ සම්මාන 8ක් සමග ඉහළින් සමත්වූ අයෙකි. ප්රියශාන්තගේ මවත් පියාත් දෙල්තොටවත්තේ කම්කරුවන් ලෙස රැකියාව කළ අතර ඔවුනට ජීවත්වීමට හරිහමන් නිවසක්ද තිබී නැත.
රංජිත් ප්‍රියශාන්ත, ශාලිකා නවෝදනී සමඟ විවාහ වූ පසුව ඔවුන්ට ඉන්න හිටින්නට තැනක් නොමැතිවූ අතර ඔවුන් නවාතැන ලෙස තෝරාගෙන තිබුණේ ප්රියශාන්තගේ පියා පවත්වාගෙන ගිය ගවගාලේ කොටසකි.
නවෝදනීද උපාධියක් තිබුණද මෙතෙක් රැකියාවක් නොමැත. සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වූවද රැකියාවක් නොමැති නිසා රංජිත් ප්‍රියශාන්ත ගොවිතැන් හා සත්ත්ව පාලන කටයුතුවල යෙදී සිටින අතර ශාලිකා නවෝදනී තම උපාධිය අමතක කොට එම කටයුතුවල නියැලී සිටින්නීය.
ගව ගාලේ බිත්තියක සිය උපාධි සහතිකයද එල්ලාගෙන එහි දිවිගෙවන මෙම යුවළට සිටින දරු දෙදෙනාගෙන් එක් අයෙකු පාසල් යන අතර අනෙකාට අවුරුදු 2 1/2 කි.තමන්ට පිහිටවන ලෙස රජයේ බලධාරීන්ට කොතෙකුත් දන්වා සිටියද කිසිඳු සහනයක් නොලැබුණු බවත් අඩු තරමින් සමෘද්ධි සහනාධාරයවත් නොලැබෙන බව ඔවුහු පවසා සිටිති.
ගොවිතැන් කටයුතු සඳහා කුඩා කුඹුරු කෑල්ලක් තිබුණද ඥාතීන් විසින් ඇතිකරන ඉඩම් ආරවුල් නිසා එයද අත්හැර දමා ඇති බව පවසන ප්‍රියශාන්ත, සහෝදරියකට හිමි බස් රථයක ඉඳහිට කුලියට සේවය කරන බව සඳහන් කරයි.
මෙම කටයුතු කිරීමට නිවසින් බැහැරව යන අවස්ථාවක උපාධිධාරීනිය වූ තම බිරිඳ හරකුන්ට තණකොළ කපාගාල ශුද්ධ කර ඔවුන් නාවා කිරි දෙවීම පවා සිදු කරන බවත් උපාධියද රැගෙන බිරිඳ මේ ලෙස දුක්විඳීම ඇගේ උගත්කමට කරන අගෞරවයක් බවද ප්රියාශාන්ත පවසයි.
අප සමග අදහස් දැක්වූ ශාලිකා නවෝදනී කියා සිටියේ, උපාධි සම්පූර්ණ කිරීමෙන් පසු වසර 4ක් පුරා රජයේ රැකියා සඳහා අයදුම්පත් යවා ඇතත් සම්මුඛ පරීක්ෂණයකට හෝ මෙතෙක් කැඳවීමක් නොලැබුණු බවයි.පසුගිය දිනවල පැවැත්වූ ග්‍රාම නිලධාරී විභාගයට හා මධ්‍ය පළාත් උපාධි ගුරු විභාගයටද අයදුම් කර ඇතත් විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රවේශපත්‍ර පවා නොලැබුණු බව ඇය පැවසුවාය.
තමන් පදිංචි වී සිටින ඉඩමෙන් එළවා දැමීමට උත්සහ දරන පිරිස් හා ඔවුන්ගේ ඥාතීන් සිටින උප තැපැල් කන්තෝරුවේ පිරිස් විසින් මෙම ලිපි සඟවා තබනවා ඇතැයි සැකයක් පවතින බවද මේනිසා රැකියාවක් නොමැතිකමින් දරු දෙදෙනාද දුක් විඳින බව ශාලිකා සඳහන් කළාය.
තමන් පත්ව සිටින අසරණ තත්ත්වය සැලකිල්ලට ගෙන තමන් ආශා කරන ගුරු වෘත්තිකයන් ලබාදෙන ලෙසත් දරුවන් සමග වැටී සිටීමට ඉඩම් කැබැල්ලක් ලබාදෙන ලෙසත් වගකිවයුත්තන්ගෙන් ඇය ඉල්ලා සිටියි.
ශාලිකා නවෝදනී - මහජන බැංකුව ගලහ ශාඛාව - 257200160042491