Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
ලබාගෙන තියෙන ණය සඳහා එක් අවස්ථාවකදී රුපියල් බිලියන 820ක ණය හා පොලී වාරිකයක් ගෙවන්න වෙලා තියෙනවා. පසුගිය ආණ්ඩු සමයේදී වාණිජ ණය ගැනීම නිසා ණය මුදලට අමතරව අතිවිශාල පොලී මුදලක් එකතුවෙලා තියෙනවා. හිටපු පාලකයෝ සඳහන් කරන්නේ මේ ණය ලබාගෙන තියෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් කියලයි. මේ ආකාරයට ගත්ත ණය මුදල වගේම පොලී මුදලත් ගෙවන්න සිද්ධවෙලා රටේ ජනතාවගෙන් මුදල් එකතු කරගෙනයි.
ආණ්ඩු පෙරළිය සිදු වූ වහාම අපි ඉන්ධන මිල අඩු කළා. ගෑස් මිල අඩු කළා. ඖෂධ මිලත් විශාල ලෙස පහළ දැම්මා. පොදුවේ ගත්තම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ තිබූ ඉන්ධන මිල අදටත් ඇතිවෙලා නැහැ. ආණ්ඩුව භාරගනිද්දී තිබූ ඉන්ධන මිල, ගෑස් මිලට පහළ මට්ටමක තමයි තවමත් තියෙන්නේ. ඒක නිසා ගැටලු ඇතිවෙන්න විදිහක් නැහැ.
හොරු ඇල්ලීමේ ක්‍රියාවලිය හා හොරුන්ට දඬුවම් කිරීමේ ක්‍රියාවලියේ යම් ප්‍රමාදයක් තියෙනවා. මෙතනදී සියලුම දේවල් රජයටත්, නිලධාරීන්ටත් පැවරීම නෙවෙයි සිදුවිය යුත්තේ. මොකද හොරු අහුවෙන්න හොරකම් කරලා නැහැ. හොරකම්වලට අදාළ සාක්ෂි සොයා ගැනීම අපහසු කාරණයක්. වෙනත් කරපු අපරාධ වංචා වසන් කිරීමට හා සමහර තොරතුරු වසන් කිරීමට මේ හොරුන්ම කටයුතු කරලා තියෙනවා. මේ නිසා මෙවැනි විමර්ශන පරිස්සමින් සිදුකරන්න අවශ්‍යයි. මේ කරුණු අනුව යම් යම් ප්‍රමාදයන් තියෙනවා. හැබැයි විමර්ශනයන් දිගටම සිදුවෙනවා.
ආණ්ඩුවේ අයම ආණ්ඩුව විවේචනය කරන්නේ ලැබී තිබෙන ප්රජාතන්ත්රවාදී අයිතිය නිසා. මෙය ප්රජාතන්ත්රවාදයේ හොඳ ලක්ෂණයක්. තොරතුරු දැන ගැනීමේ පනත ඇති කිරීමට අපට හැකි වුණා. මේ නිසා ජනතාවටම තොරතුරු ලබාගැනීමට හැකියාව ලැබී තියෙනවා. මේවා යහපත් සමාජයක හොඳ ලක්ෂණ. ඒත් ශ්‍රී ලංකාව වගේ සමාජයකට මේක ගැළපෙන්නේ නෑ වගේ. මොකද ලංකාව ගත්තම කුණු වසන් කරගෙන, හංඟාගෙන ඉන්න දක්ෂයි. මේ වගේ තත්ත්වයක් තුළ කුණු වැඩ, හොර වැඩ කරන අයට තොරතුරු එළියට යාම පිළිබඳව ප්‍රශ්න තියෙනවා. ඒත් හොර වැඩ, කුණු වැඩ නොකරන අයට ඒක ප්‍රශ්නයක් නොවෙයි. ඒ නිසා එළියේ කතා කළා කියන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි.
ජනතාවට ලබාදුන් පොරොන්දුවලින් බොහෝ කාරණා ඉටුකරලා තියෙනවා. සමහර අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද දේශපාලන පළිගැනීම් ලක් වූ ජනතාවට සාධාරණයක් කිරීම පිළිබඳව දිගින් දිගටම කතා කළා. අපේ පක්ෂයේ හැම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක වගේම කණ්ඩායම් රැස්වීම්වලදී මම දිගින් දිගටම ඒ ගැන කතා කළා. ඒත් ඒවා ඉටු කිරීමේ ප්‍රමාදයක් තියෙනවා. එම විෂය භාරව ඉන්න ඇමැතිතුමා ගත්ත කාලය වැඩියි. කොහොම උනත් කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන ඔවුන්ට කඩිනමින් සාධාරණයක් ඉටුකරන්න ඕන.
මහජනතාව පාරට බැසීම රටකට හොඳ ලක්ෂණයක් නොවෙයි. මේක පිටුපස්සේ ඉන්නේ ආණ්ඩු විරෝධී බලවේග හදන්න උත්සාහ කරන කණ්ඩායම්. ඒ වගේම මේ රටේ ජනතාව සුළු ප්‍රශ්නයකදී පවා මහපාරට බැහැල, පාර වහගෙන උද්ඝෝෂණය කරනවා. මිනිසුන්ගේ පොඩි ප්‍රශ්නයකදීත් පාරට බහිනවා නම් එය අනුමත කරන්න බැහැ. මීට අමතරව මේ රටේ උගත් පිරිසෙන් සමහර අයත් උද්ඝෝෂණ කරන්න, වැඩවර්ජන කරන්න පටන් අරගෙන තියෙනවා. ආණ්ඩු විරෝධී බලවේග හදන අය ක්‍රියාත්මක වෙන්නේ වෙනත් අයගේ බලපෑම්වලට අනුවයි.
ජනතාව අවුරුදු ගණනාවකට උගස් කරලා පසුගිය ආණ්ඩු ණය අරගෙන තියෙනවා. ඒ වගේම ආදායම් එන්නැති මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය හැදුවා. මේවායේ ආදායම් එන්නෙ නැහැ. ඒක නිසා අපිට මේවා ව්‍යාපාරික ස්ථාන ලෙස පවත්වාගෙන යන්න බැහැ. නිකන් තිබුණත් මේවා නඩත්තු කරන්න වෙනවා. ඒ නිසා තමයි අපි පෞද්ගලික අංශයත් සමග එකතුවෙලා මෙය ගොඩගන්න හදන්නේ. මේවාට විරුද්ධ අය විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතුයි. ඒ යෝජනා හොඳ නම් අපට ක්‍රියාත්මක කරන්න පුළුවන්නේ.
එක්සත් ජාතික පාක්ෂිකයන් පසුගිය කාලයේදී දේශපාලන පළිගැනීම් ලක්වුණා. වෘත්තීය, ශාරීරික හා දේපළ යන තුන් වර්ගයේම පළිගැනීම්වලට ලක් වුණා. මෙන්න මේ ආකාරයට වැඩිම දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පිරිසක් ඉන්න ප්‍ර‘දේශයක් තමයි ආනමඩුව. නමුත් අද වෙනකම් දේශපාලන පළිගැනීම් වලට ලක් වූ අයට රුපියලක වන්දියක් ලබා දීලා නැහැ. කිසිම රජයේ නිලධාරියෙකුට දේශපාලන පළිගැනීම් වෙනුවට සහනයක් ලැබී නැහැ. මේක බරපතළ ප්‍රශ්නයක්. එහෙම නැතිව අපි ආසාධාරණ ලෙස දේශපාලන පළිගැනීම් වලට ලක් වූ බව පවසමින් සාධාරණයක් ඉටුකරලා නැහැ. මටත් රජයේ රැකියාවෙන් එන්න සිදුවුණේ දේශපාලන පළිගැනීම් නිසා. ඒක නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ තීන්දුවෙන් මට නැවත රැකියාව ලැබුණා. මේ නිසා දේශපාලන පළිගැනීම්වලට වලට ලක් වූ අයට සාධාරණයක් ඉටුවිය යුතුයි.
පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීම පිළිබඳව සමහර අය ඔය චෝදනාව සිදුකළා. අපිට පළාත් පාලන ආයතන මැතිවරණය කලට වේලාවට තියාගන්න පුළුවන් වුණා නම් සියලුම ආයතන ජයග්‍රහණය කරගන්න තිබුණා. මැතිවරණය ප්‍රමාද වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා, බැසිල් රාජපක්ෂ මහත්තයා ගෙනාපු ගැටලු සහගත පනත නිසා. ඒක ලිහලා කරලා ගන්නකොට යම් කාලයක් ගත වුණා. ඒවා කරන්න ගිහිල්ලා අපි විවේචනයට ලක් වුණා. ඒක නිසා අනුන්ගේ පවු අපිට ගෙවන්න සිදුවුණා. දැන් වෙලා තියෙන්නේ පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට තියන්න ඕන කියලා පනතක් ගෙනාවා. ඒත් කොට්ඨාස නිර්ණය කරලා නැහැ. මේ වගේ අර්බුද රාශියක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ කල් දමන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි මැතිවරණ දිනලත් තියෙනවා, පැරදිලත් තියෙනවා. ඒ දෙකටම අපි ඉවසිලිවන්තව මුහුණ දීලා තියෙනවා. අපි රටේ දියුණුව වෙනුවෙන් ආර්ථිකය හසුරුවලා තියෙනවා. නීතිය නිවැරදි ලෙස ක්‍රියාත්මක කරලා තියෙනවා.
මත්ද්‍රව්‍යවලින් පිරිච්ච රටක් නෙවෙයි, මත්ද්‍රව්‍ය පාලනය වූ රටක් බවට අප රට පත්වෙලා තියෙන්නේ. හිටපු ආණ්ඩුවේ නායකයා මීගමුව පැත්තේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නකොට ජාවාරමේ යෙදුණු බවට චෝදනා එල්ල වූ දේශපාලනඥයාගේ ගෙදරට ගිහිල්ලා ඔහු බදා ගත්තා. එම පාලන කාලයේ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කෙනෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මාසිකව රුපියල් ලක්ෂ 25 බැගින් ගෙවලා තියෙනවා. මීට අමතරව අතුරුගිරිය පැත්තේ හෙරොයින් ජාවාරම්කරුවෙකුත් මුදල් ගෙවලා තියෙනවා කියලා හෙළිවෙලා තියෙනවා. මේ අනුව මත්කුඩු ජාවාරමට අතහිත දුන්නේ කවුද කියලා හා ඒ අය බේරාගන්න කටයුතු කළේ කවුද කියලා හෙළිවෙලා තියෙනවා. එදා මත්ද්‍රව්‍ය ජාවාරම නිදහසේ කරගෙන ගියා. අද එම ජාවාරමට එරෙහිව වැටලීම් සිදුකරන නිසා මත්ද්‍රව්‍ය පාලනය වෙලා තියෙනවා. මෙම තත්ත්වය නිසා ජාවාරම්කරුවන් අතරත් ගැටුම් ඇතිවෙලා තියෙනවා.
පිලිපීනයට තිබූ බරපතළම ප්‍රශ්නයක් තමයි මත්ද්‍රව්‍ය ජාවාරම ඒ පිළිබඳව ඒ රටේ නායකයා දැඩි ලෙස ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. මරණ දඬුවම කියන්නේ අපේ රටේ නීතියක්. ඒක මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වුණාට පස්සේ ඇතිවුණ එකක් නෙවෙයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිරගත කළාම එතන සැප විඳින තානායමක් බවට පත්කර ගන්නවා නම් ඒක බරපතළ කාරණයක්. දැන් හෙළි වෙලා තියෙනවා බන්ධානාගාරවල ඉඳන් සමහර අය මත්කුඩු ජාවාරම්, සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙය වන බවට. නීතිය තියෙන්නේ මිනිස්සුන්ට යහමග එන්න. නමුත් නීතියෙන් දඬුවමක් දුන්නම එතන ඉඳගෙන සංවිධානාත්මකව අපරාධ කරනවා නම් මගේ මතය තමයි නීතිය ක්‍රියාත්මක කරලා සමාජය යහමගට ගැනීම.
හවුල් ආණ්ඩු සංකල්පය නිසා රටට විශාල වැඩ කොටසක් සිදුවුණා. වෙනදා කළේ එක කණ්ඩායමක් රට පාලනය කරනකොට අනෙක් කණ්ඩායම එය විවේචනය කරලා උද්ඝෝෂණය කිරීම. ඒත් අද වන විට කණ්ඩායම් දෙකම එකතු වෙලා වැඩ කරනවා. යම් යම් කාරණාවලදී එකම කණ්ඩායමක් ඉන්නකොට ඒක හරි වුණත්, වැරදි වුණත් ක්‍රියාත්මක කළා. ඒත් අද කණ්ඩායම් දෙකම එකට එකතුවෙලා නිසා එකට හිඳිමින් යම් යම් විවේචන කරනවා. වාද විවාද තියනවා. එවිට නිවැරදිව කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙනවා. එය හොඳ ලක්ෂණයක්.
2020 වසරින් පසුත් රට ගැන හිතලා කවුරුත් එකතු වෙලා වැඩ කරන්න ඕන. මොකද මහජන නියෝජිතයෝ පත්වෙලා තියෙන්නේ රට වෙනුවෙන් වැඩ කරන්න. ඒ නිසා විවේචන නොකර, කවුරුත් එකතු වෙලා වැඩ කරන්න ඕන. පසුගිය කාලයේ ආණ්ඩු කරපු කණ්ඩායම විවේචනය කර කර හිටිය නිසා අපි පහළට ගියා. ලෝකයේ රටවල් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ එකට එකතුවෙලා කටයුතු කිරීම නිසයි.
ඒ ගැන දැන්ම කියන්න බැහැ. දැනට තියෙන තත්ත්වය 2019 හෝ 2020 වන විට වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා එදාට ගැළපෙන ක්‍රමවේදයක් තමයි අපිට හිතන්න වෙන්නේ.
පක්ෂ ප්රතිසංවිධාන කටයුතු පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසු සිදු කළයුතු බවට සඳහන් කළ අයට අනුව යම් කරුණු කාරණා ගණනාවක් සිදුකරලා තියෙනවා. ප්රතිසංවිධාන කණ්ඩායම්වල ඉල්ලීම්වලට අනුව තවත් ප්රතිසංවිධාන කටයුතු සිදුවීමටත් නියමිතයි. පළාත් සභා මැතිවරණයට මුහුණදීම සඳහා තවත් ප්රතිසංවිධාන කටයුතු සිදුකරන්න අවශ්‍ය නම් එයත් සිදුවේවි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd