saravita-anim2

2019 ජුලි මස 21 වන ඉරිදා

2019 ජුලි මස 21 වන ඉරිදා

Opinion - timelapse 691 hours ago

LATEST

ක්ෂීරපායී සතුන්ට සාපේක්ෂව අට ගුණයක වේගයෙන් වඳ වී යන කෘමීන්‘

calendar_today 2019 පෙබ 13 - 09:07 remove_red_eye - 85  

ගෝලීය වශයෙන් කෘමි සතුන් පිළිබඳ සිදුකරන ලද විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් හෙළිදරව් කරන ලද වාර්තාවකට අනුව කෘමි සතුන්ට සිදුවන තර්ජන නොවෙනස්ව පැවතුනහොත් තවත් වසර සියයක් පමණ ගතවන විට එම සතුන් ලෝකයෙන් වඳ වී යෑමට ඉඩක් පවතින බව සඳහන් වෙයි.

ඕනෑම රටක පැවැත්ම වෙනුවෙන් ශ්‍රම බළකාය අත්‍යවශ්‍යම සාධකයකි. ශ්‍රම බළකාය හිඟවේ නම් එම රටේ සියලු ක්‍රියාවලීන්ගේ අඩපණවීමක් සිදුවන අතර, ඒ ඔස්සේ ඇතිවන සමාජ, ආර්ථික ගැටලුද බොහෝය.වයස්ගත ජනගහනය අධික වීම සහ එම ප්‍රමාණය ශ්‍රම බළකාය ඉක්මවා යෑමේ ගැටලුවට අද වනවිට ලෝකයේ සංවර්ධිත රටවල් ඇතුළුව රටවල් ගණනාවක්ම මුහුණපා තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය 2030 වර්ෂය වනවිට රටේ ශ්‍රම බළකාය ඉක්මවා යාමට නියමිත බවට පුරෝකථනය

Read More
අමු කැවී ඇත
11 02 2019 09:38:00
0 103

ශ්‍රී ලංකාවේ සිදුවූ කුප්‍රකට රාජ්‍ය බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණය ලෝක ඉතිහාසයේම විශේෂිත සිදුවීමකි. මන්දයත් රටක ජනාධිපතිවරයෙකු තමන්ගේම ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කළ පළමු වතාව එය බැවිනි. එහිදී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රාජ්‍ය බලය පැහැරගත් අතර, එතුමන් විසින් තවදුරටත් එම ධුරය දැරීමට තමන් අසමත් බව පෙන්වා දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර කිහිපයකම වෙනස්කම් ඇති කරමින් සම්ප්‍රදායන් බිඳ දමා නව සම්ප්‍රදායන් ඇතිකළ පුද්ගලයෙකු ලෙස අතුල මහවලගේ මහතා හැඳින්විය හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ නිර්මාණ ක්ෂේත්‍රයේ සම්ප්‍රදායන් බිඳ දමමින් පවත්වන ප්‍රදර්ශනයක් (Asia Network beyond Design – Colombo Chapter සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය) අද (11දා) සිට 15 වැනිදා දක්වා මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ පැවැත්වෙයි. මේ ඒ පිළිබඳ මෙන්ම ඔහු මෙරටට හඳුන්වාදුන් වෙනස්කම් පිළිබඳ කළ සාකඡාවකි මේ.

Read More

රජයකින් ඉදිරිපත් කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මූලිකවම ඉලක්ක කරගත යුත්තේ එම මත්ද්‍රව්‍ය ජාලය සතු සෑම ස්ථරයක්ම අඩපණ කිරීම සඳහායි. මෙම ජාලය පාරිභෝගිකයාගේ සිට අන්තර්ජාතික බෙදාහරින්නා දක්වා විශාල වපසරියකට විහිදී ගියත්, ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ යාන්ත්‍රය තුළ ඉලක්කගත වෙන්නේ හුදෙක්ම පහළම ස්ථරයේ බෙදා හරින්නා සහ භාවිත කරන්නා පමණයි. ඒ වගේම ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහැරීම් ජාලයේ මධ්‍යස්ථානයක් බවට විදෙස් ආරක්‍ෂක අංශ පවා දැනුවත් කර තිබුණත්, විශාල ව

Read More

මේ වසර මැතිවරණ වසරක් බවට පත්වන බව දේශපාලනඥයන් සහ බලධාරීන් විසින් සිදුකරන ප්‍රකාශවලින් පැහැදිලි වන කාරණයකි. මීට අමතරව පළාත් සභා මැතිවරණය කල් දැමීමට එරෙහිවත් සමහර ජනතාව හා මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විවිධ ප්‍රකාශ සිදුකරමින් තිබේ. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද සමග මෙලෙස කතා බහක නිරත විය.

Read More

කුමන සමාජයක් ගත්තද එහි විවිධ වූ මත ඇති පුද්ගලයෝ වෙති. මෙහිදී එක් පුද්ගලයෙකු සිතන ආකාරය තවත් පුද්ගලයෙකු සිතන ආකාරයට සමාන වන්නේ නැත. කෙසේ වෙතත්, මනුෂ්‍යයා ශිෂ්ට සම්පන්න සත්ත්වයෙකු වන්නේම සාමූහික පැවැත්ම තුළිනි. මෙම සාමූහික පැවැත්ම තුළ විවිධ වූ අදහස් ඇති පුද්ගලයන්ගේ එකමුතුව අනිවාර්ය කරුණකි. එහෙත් විවිධ වු අදහස් ඇති පුද්ගලයන් ජාලයක් ලෙස එක් වූ සෑම අවස්ථාවකදීම ගැටුමක් ඇතිවීම වැළැක්වීමට නොහැකිය. එනයින්, ඕනෑම සමාජයක ගැටුම යනු අනිවාර්ය අංගයකි.

Read More

’මෙහෙම පෑයුවොත් ගහකොළ විනාශ වෙයි’ යනුවෙන් දැඩි වියළි කාලගුණය හමුවේ හමුවේ ජනතාව පවසති. එසේම “මෙහෙම වැස්සොත් ගහකොළ සේරම කුණුවෙලා යයි* යනුවෙන් මහා වැසි සමයේ ඔවුහු පවසති. මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ මල් වගා පර්යේෂණ සහ සංවර්ධන අංශයේ කෘෂිකර්ම උපදේශක/අධීක්ෂණ නිලධාරී ප්‍රියන්ත වැලිකුඹුර මහතා %අද^ අපි සම්බන්ධ කරගතිමු. පහත දැක්වෙන්නේ ඒ මහතා දැක්වූ අදහස්ය.

Read More

මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලීවීමට ප්‍රථමයෙන් අපේ පවුලේ පළමුවැනි මනාලයා බවට පත්ව, නව ජීවිතයක් ආරම්භ කිරීමට කටයුතු කළ චිචී මල්ලිටත්, ඇයගේ ආදරණීය බිරිඳටත් යුග දිවියකට සුබපැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එමෙන්ම ඒ සඳහා එක්ව අප සමග සතුට බෙදාගත් සෑම දෙනාටම ස්තුතිය ප්‍රකාශ කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි.

Read More

වතු ආශ්‍රිතව පැවැති වතුකම්කරු වැටුප් අරගලය මේ වන විට අගනගරය දක්වාද ව්‍යාප්ත වී තිබේ. ජීවත් වීමට හැකි වැටුපක් ඉල්ලා ආරම්භ වූ වැටුප් අරගලය මේ වන විට දෛනික මූලික වැටුප රුපියල් දහසක් බවට පත්කර ගැනීම දක්වා ගමන්කර ඇත. එහෙත් වතු සමාගම් සඳහන් කරන්නේ වතු, පාඩු ලබමින් තිබෙන බැවින් රුපියල් දහසක වැටුපක් ලබා දීමට නොහැකි බවයි. වතු සමාගම් එසේ පැවසුවද වතු අධික ලෙස ලාභ ලබමින් තිබෙන බවට වතුකම්කරුවෝ හා වතුකම්කරු වෘත්තීය සමිති සඳහන් කරති. මේ නිසා මේ පිළිබඳ %අද^ සමස්

Read More

ශ්‍රී ලංකාව වැනි ඉහළ දේශපාලන සාක්‍ෂරතාවක් හා උනන්දුවක් ඇති රටක ආණ්ඩුවක පැවැත්ම තීරණය කරනුයේ එම රටේ වාසය කරන ජනතාවගේ ඕනෑ එපාකම්වලට අනුවය. එබැවින් එවැනි සමාජයක් සහිත රටක දේශපාලන පක්‍ෂ, දේශපාලන නායකයන් හා මත හසුරුවන්නන්ට ඉහළ වටිනාකමක් ලැබේ. එසේම එවැනි සමාජයක් සහිත රටක ජනමාධ්‍ය සුවිශේෂී තත්ත්වයක් උසුලනු ලබයි. ඇතැම් මාධ්‍ය අශීලාචාර ලෙස කටයුතු කරනුයේ එබැවිනි. ඔවුන් රනිල්ට හා එක්සත් ජාතික පක්‍ෂයට ප්‍රහාර එල්ල කරනුයේ එබැවිනි.

Read More

න්‍යායිකයන් යනු ඉපැරණි ඉන්දියාවේ විසූ දාර්ශනික ගුරුකුලයකි. තර්ක ශාස්ත්‍රයටත්, ඥාන මීමාංසාවටත් ඔවුන් ඉටුකළ මෙහෙය අදටත් ලෝක ශාස්ත්‍රීය කථිකාව තුළ විශේෂ අවධානයකට පාත්‍රවේ. න්‍යායික දර්ශනය ගොඩනැගෙන්නේ ආගමික පසුබිමක් තුළය. හින්දු දර්ශනයේ ප්‍රධාන අස්ථික දර්ශනවාද 6 අතර න්‍යාය දර්ශනයද පවතී.

Read More

දේශගුණික විපර්යාස වත්මන් ලෝකයේ සුලබ තත්ත්වයක් බවට පත්වන ආකාරයක් මේ වනවිට දක්නට ලැබේ. මේ සඳහා ගෝලීය ප්‍රජාව විවිධාකාරයේ වැඩසටහන් හා ක්‍රමවේද ඔස්සේ මුහුණදෙමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව මෙම විපර්යාස සඳහා මුහුණදීමට දක්වන සූදානම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. එබැවින් එළ‍ඹෙන කාලගුණික හා දේශගුණික විපර්යාස අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳ ඔබ වෙත විග්‍රහයක් ගෙන ඒමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස පිළිබඳ ඒකකයේ අධ්‍

Read More

වත්මන් ආණ්ඩුවේ ආයු කාලයේ අවසානය ක්‍රමයෙන් ළං වනවිට තම නොහැකියාව වසා ගැනීම වෙනුවෙන් ඔවුහු විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටිති. එහිදී ඉදිරියෙන්ම ඇත්තේ රාජපක්‍ෂලාගෙන් පලිගැනීමය. මේ අනුව වර්ෂය ආරම්භ වී දින කිහිපයක් ගතවන විට මා හට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ ලබා ගැනීම වෙනුවෙන් කැඳවීම් සිදුකර තිබේ.

Read More

අස්වැන්නට නිසි මිලක් නොලැබීම මෙරටේ ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්වී තිබේ. මීට අමතරව පොහොර නිසිලෙස නොලැබීම කෘමි උවදුර වැනි ක්‍රියා නිසාත් මෙරටේ ගොවීහු දුෂ්කරතාවයන්ට මුහුණ දෙති. කිරිවලින් රට ස්වයංපෝෂිත කරන බවට සඳහන් කළද එය මාධ්‍ය සන්දර්ශනයක් පමණක් බවට විපක්ෂයේ කණ්ඩායම් චෝදනා කරති. මේ පිළිබඳ %අද^ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා සමග කතාබහක නිරත වීමු.

Read More

සංහිඳියාව යන්න එදාමෙදාතුර තවත් අපූර්ව සංවාදයක් සඳහා මතවාදයන් රැසක් නිර්මාණය කළ වචනයක් බවට පත්ව තිබේ. යුද සමයේ මෙන්ම පශ්චාත් යුද සමයේද ජනමාධ්‍යකරුවන්ට එල්ල වූ මගපෙන්වීම් අතර ජාතික සංහිඳියාව වෙනුවෙන් මාධ්‍යකරණයට ඇති වගකීම ප්‍රබල වගකීමක් ලෙස අවධාරණය කෙරිණි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි මිනිසෙකුගේ දේශපාලන ඉව හා ෆැන්ටසිය මත පදනම් වූවකි. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලද සුදු අදිරාජ්‍යවාදීන්ගේ කීකරු සේවක පෙළපතකින් පැමිණි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, 1952 වර්ෂයේ එවකට තිබූ දේශපාලන තත්ත්වය අනුව මෝරා යමින් තිබූ සිංහල ජාතිකත්ව නවෝදයට රුකුල් දීමට බණ්ඩාරනායක ශ්‍රීමතානන් විසින් පවත්වාගෙන ආ මහා සිංහල සංගමයේ දේශපාලන ප්‍රකාශනයයි.

Read More

දේශපාලන කරළියේ උණුසුම් මාතෘකා දිනෙන් දින නිර්මාණය වෙද්දී එක්සත් ජාතික පක්ෂය දෙසින් ජනාධිපතිවරණයට අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධව අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධව වැඩිදුර කරුණු දැන ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සම්බන්ධ කර ගැනීමට %අද^ අපි සිතුවෙමු.

Read More

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ජවිපෙ රට පුරා පෝස්ටර් අලවා තිබේ. ඒ සඳහා සෙසු වාමාංශික හා ප්‍රගතිශීලී පිරිස්ද දිගු කලක සිට වෙහෙසෙන බව අපි දනිමු. ඓතිහාසික වශයෙන් ගත්කල ලංකාව තුළ විශාල ගැටලු ප්‍රමාණයක් නිර්මාණය කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ අසුරා ජන සමාජය තුළ බොහෝ විකෘතීන් ඇති කිරීමට විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගැනීමේදී මේ මොහොතේ පවතින සියලු තත්ත්වයන් වඩා ගැඹුරින් සලකා බැලීම සිදුකළ යුතුය.

Read More

පසුගිය වසරේ මාර්තු මාසය කළු මාර්තුවක් බවට පත්වීමේ පළමු ගිනි පුපුර ඇවිලී ගියේ මහනුවරම උණුසුම් කරමිනි. දීර්ඝ කාලයක් තිස්සේ සිංහල, දමිළ, මුස්ලිම් භේදයකින් තොරව ජන විවිධත්වයම සංස්කෘතික සෞන්දර්යක් බවට පත් කරගෙන සිටි මහනුවර එක සැණෙකින් එහිදී දේශීය ජනතාවට හා විදේශිකයන්ට අනාරක්ෂිත ස්ථානයක් බවට පත්වූයේ ජාතිවාදයේ අසුන්දරත්වය විදහාපාමිනි.

Read More

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රධානතම මාධ්‍ය සමූහයක ප්‍රධාන හිමිකරුවා වන්නේ ලංකාවේ ප්‍රමුඛතම වතුර බට නිෂ්පාදකයාය. වතුර බට නිෂ්පාදනයේ යෙදෙමින් ව්‍යාපාරවල යෙදුණු ඔහු මාධ්‍ය ව්‍යාපාරට පැමිණෙනුයේ ගුවන් විදුලියේ රසවතකුගේ ඇසුර නිසාවෙනි. කිසිවෙකුගේත් අවධානයට ලක් නොවූ, චින්තනමය දිළින්දෙකු වූ මෙම හිමිකරුට මහරාජා කෙනෙකුට මෙන් අතිරික්ත මුදල් තිබුණි.

Read More

රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් වැඩි කොටසක් ගෙන්වනු ලබන්නේ පිටරටින්ය. එසේ තිබියදීත් මෙරට ගොවීන්ගේ අස්වැන්නට නියමිත මිලක් නොලැබීම හා අස්වැන්න නිසි ලෙස විකුණා ගැනීමට නොහැකි වීමේ ගැටලුවකට මෙරට ගොවීන්ට මුහුණ දීමට සිදුව තිබේ. එසේ තිබියදී මෙරට ගොවි ජනතාවට සේනා දළඹු උවදුරින්ද, පීඩාවට පත්වීමට සිදුවී තිබේ. මේ නිසා ඒ පිළිබඳව %අද^ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සමග කතාබහක නිරත විණ.

Read More

‘බැලාස්ට්‘ යනු නෞකාවක සහ වෙනත් නාවික යාත්‍රාවල සමතුලිතතාව පවත්වාගෙන යෑම සඳහා යොදා ගැනෙන ද්‍රව්‍යයයි. ඈත අතීතයේදී නාවික ගමනාගමනයේදී %‘‘බැලාස්ට්‘‘^ ද්‍රව්‍යයක් ලෙස ගල් වැනි දේ භාවිත කර තිබේ.

Read More
සෙනෙට් සභාව
9 01 2019 09:54:00
0 65

රජයේ පරිපාලන සහ නෛතික කටයුතු වෙනුවෙන් සාමාන්‍ය ජනතාව අතරින් මිනිසුන් තෝරා පත්කර ගැනීම මෙහිදී සිදුවිය. එහිදී ව්‍යවස්ථාදායක සභාවක් ක්‍රියාත්මක වූ අතර, ඊටද ඇතුළත් වූයේ සාමාන්‍ය මිනිසුන්ය. මෙය රාජාණ්ඩු ක්‍රමයක් නොවුණත් නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ සියල්ලක්ම මෙහි දැක ගැනීමට නොහැකි විය.

Read More

මීට මාස කිහිපයකට පෙර වඩාත් උත්කර්ෂයට නැංවූ මාතෘකාවක් බවට පත්ව තිබූ සිංහරාජයේ අලි පිළිබඳ කතිකාව නැවතත් ක්‍රමයෙන් කරළියට නැගෙමින් තිබේ. ඊට හේතු වන්නේ සිංහරාජයේ අලින්ගේ ඍතුමය සංක්‍රමණ රටාවේ ප්‍රතිඵලයක් ලෙස දැනට ජීවත් වන අලින් දෙදෙනා නැවතත් සිංහරාජයේ උතුරු කලාපයට පැමිණ සිටීමය. මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් වාර්තා වන අතර, මිනිසුන්ගෙන් අලින්ටද, අලින්ගෙන් මිනිසුන්ටද හානියක් නොවන අයුරින් ඔවුන්ගේ උතුරු ප්‍රදේශයේ සංචාරය අවසන් කර

Read More

ජනසෙත පෙරමුණේ දේශපාලන වැඩකටයුතු සහ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව විමසීමට එම පක්ෂයේ නායක බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගැනීමට අපි සිතුවෙමු. මේ උන්වහන්සේ සමග කළ සංවාද සටහනකි.

Read More

මේ සතියේදී කුරහන් සුවඳ තීරු ලිපිය ඔබ කියවන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්තියේ සිවුවැනි සංවත්සරය සිදුවන අවස්ථාවේදීය. සිය සිවුවැනි පදවිප්‍රාප්තිය සමරන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පැතුම් එක් කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි. මෙවර %කුරහන් සුවඳ^ තීරු ලිපියෙන් අපි කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කිරීමට අදහස් කළෙමු.

Read More

වැඩි කලක් නොගොස් මෙරට දැඩි ආහාර හිඟයක් ඇතිවිය හැකි තරමට කෘෂි ක්‍ෂේත්‍රයේ වගාවන්ට සේනා දළඹුවාගෙන් සිදුවන හානිය ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව දිවයින පුරා සිදුකළ හැදෑරීම්වලදී ගොවියන්ගෙන් ඇසුණු මැසිවිල්ලකි. අපි මෙහි සැබෑ තත්ත්වය සහ මේ සම්බන්ධයෙන් ගතයුතු පිළියම් සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළිබෝධනාශක රෙජිස්ටාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතාගෙන් විමසුවෙමු.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.