saravita-anim2

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

Opinion - timelapse 3819 hours ago

LATEST

සෞඛ්‍ය පිළිවෙත් මැද නත්තල සමරන්නට සූදානම් වෙමු

calendar_today 2021 දෙසැ 02 - 13:53 remove_red_eye - 212  

කෝවිඩ් රෝගීන් ක්‍රමයෙන් ඉහළ යන වාතාවරණයක් පවතින බැවින්, මෙවරද නත්තල් උත්සවය වෙනදා මෙන් සමරන්නට නොහැකිවේදැයි කිතුණු ජනතාව සැකයකින් පසුවේ. සෞඛ්‍ය බලධාරීන් පවසන ආකාරයට ජනතාවගේ වගකිවයුතු හැසිරීම් මගින් උත්සව සමයේ රට ලොක්ඩවුන් කිරීමකට තල්ලු නොකර පවත්වා ගැනීමේ හැකියාවක්ද පවතියි. කෙසේ වෙතත් නිසි සෞඛ්‍ය

මුදල් ඇමතිවරයා විසින් 2021 වසරේ ආදායම් අඩුවීම විශාල වශයෙන් වැඩි කොට දක්වයි-මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව පිරික්සීම සඳහා, FactCheck.lk මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක සහ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා පරිශීලනය කෙරී ඇත.

Read More

ලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් 01වැනිදා සමරනු ලැබේ. HIV/AIDS පිළිබඳ දැනුම්වත් කිරීම, ආසාදිතයන්ට සහාය වීම, කොන් කිරීම් සහ වෙන් කොට සැලකීම් පිටුදැකීම මෙම දිනයේ අරමුණ වේ. HIV ආසාදිතයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහාද ලෝක ඒඩ්ස් දිනය ඉතා වැදගත් වේ. මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව වන්නේ, ‘අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු. පරාජය කරමු’ යන්නයි. මෙවර තේමාව මගින් ලොව පුරා ඒඩ්ස් මෙන්ම අනෙකුත් වසංගත රෝග ඇති කරන ප්‍රධාන සාධකය ලෙස හඳුනාගෙන ඇති අසමානතා අවසන් කිරීම

Read More

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අතීතයේදි නිවැරදි මාවත තුළ ගමන් කළද, වර්තමානයේ එය වැරදි මාවතක ගමන් කරන බවත්, යළිත් එය නිවැරදි මාවතට ගැනීම පාලන පක්ෂයේ වගකීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ අඩුපාඩු පෙන්වාදෙමින් හෙතෙම පසුගියදා පාර්ලිමේන්තුවේදී දීර්ඝ කතාවක් පැවැත්වීය. විදේශ ප්‍රතිපත්තියේ අඩුපාඩු සහ එය නිවැරදි විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරයා දැක්වූයේ මෙවැ

Read More

මෙම ප්‍රකාශය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් සඳහන් කරන්නේ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ප්‍රකාරව සිදුවන, රජය සහ නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම අතර රාමුගත ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින - යෝග්‍යතාවය සහ සෘජුබව පවා ප්‍රශ්න කෙරී ඇති- ටෙන්ඩර් පටිපාටියක කොටසක් වන ආර්ථික අයිතීන් නිව් ෆෝර්ට්‍රෙස් එනර්ජි සමාගමට පවරා දීම සිදුවන බවයි. මෙම ටෙන්ඩරය කැඳවා තිබුණේ, ශ්‍රී ලංකාවේ පවතින

Read More

(PAID CONTENT) දේශයක යහපැවැත්ම සඳහා හේතුකාරක වන සාධක අතරින් ජාතික සෞඛ්‍යයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙයි. රටක, ජාතියක සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සහ පවත්වාගැනීම ඉතා වැදගත් වන්නේ ද එබැවිනි. කිසියම් ජන සමාජයක යහපත් සෞඛ්‍යය වෙනුවෙන් විශේෂ අවධානය යොමුකරමින්,ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන සුවිශේෂ පිළිවෙත් සහ ක්‍රමවේදයන් සකසා ගැනීම සමස්ත සමාජයේම වගකීමකි.

Read More

ප්‍රචණ්ඩත්වයට එරෙහි ළමා ආරක්ෂණය අතින් ලොව අනාරක්ෂිතම රටවල් අතරට ශ්‍රී ලංකාව වැටී තිබීමද කණගාටුවට කරුණකි. විශේෂයෙන් අවිහිංසාව පතුරුවන ආගමික වටපිටාවක් නිරන්තරයෙන් තිබෙන රටක දරුවන්ට සිදුවන හිංසන අතින් ඉදිරියට පැමිණීම මහත් ඛේදයකි. මෙවැනි තත්ත්වයක් තුළ ළමා ආරක්ෂණය පිළිබඳව විවිධ සංවිධාන තනිව සටන් කළත්, රජය තුළින් ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැක

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී වික්‍රමරත්න විසින් තම ප්‍රකාශය තුළ කරුණු දෙකක් සඳහන් කරයි. (1) ණය පොලී ආපිට ගෙවීමට රජයේ ආදායමෙන් 70% ක් වියදම් වන බවත්, (2) ශ්‍රී ලංකාව හැරුණු විට ජාතික ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් ණය පොලී සඳහා ගෙවන ලෝකයේ එකම රට වන්නේ ලෙබනනය පමණක් බවත් යනු එම කරුණු දෙක වේ. මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදිභාවය ඇගයුම් කිරීම සඳහා, FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවන් සහ, ලෝක බැංකුවේ ලෝක සංවර්ධන දර්ශක දත්ත සමුදාය පරිශීලනය කර ඇත.

Read More

[LONG READS] අල් කයිඩා සංවිධානය එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට දින දෙකකට පෙර එනම් 2001 සැප්තැම්බර් 09වැනිදා ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයට එරෙහිව සටන් කළ අහමඩ් ෂා මසූඩ් ඝාතනය කළේය. ඔහු ඝාතනය කිරීමට නියෝග කළේ කවුද? දින දෙකකට පසු එක්සත් ජනපදයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවා වූ ඔසාමා බින් ලාඩන්ය.

Read More

[LONG READS] ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර දේශපාලන සංස්කෘතිය අසමගිය සහ වෙන් වී තම බලය පෙන්වීම නමැති කල්ලිවාදය මත පදනම් වී තිබිණි. 1933 නොවැම්බර් මාසයේ සිට ඇෆ්ගනිස්තානය පාලනය කළ එරට අවසන් රජු වූ මොහොමඩ් සහීර් ෂා 1973 ජූලි මාසයේදී ඔහුගේ ඥාතියෙකු විසින්ම බලයෙන් පහ කිරීම නූතන ඇෆ්ගනිස්තානය විනාශ වීමේ ආරම්භය යැයි සඳහන් කළ හැකිය.

Read More

[LONG READS] ජනාධිපති කර්මාල්ගේ රජයද ඔත්තු බැලීම සඳහා බොහෝ රහස් පොලිස් සේවකයන් විදේශවල සිය රාජ්‍යතාන්ත්‍රික ආයතනවල සේවයේ යෙදෙව්වේය. 1980 දශකයේ මැද භාගයේදී, ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය ආයතන මෙහෙයවීම සඳහා එරට රහස් පොලීසිය එනම් ප්‍රධාන බුද්ධි අංශය වූ ඛාඩ් ආයතනය බලවත් මැදිහත්වීමක් සිදු කළේය. මෙය සමාජය පුරා භීතිය ගෙන දුන් කාරණයක් වූ අතර, තම අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මිස රාජ්‍යයේ දිගුකාලීන පැවැත්ම ගැන බොහෝ දෙනෙකු සිතුවේ නැත.

Read More

[LONG READS] සෝවියට් සංගමය සමග එකතු වී අමින් ඝාතනය කිරීම සමාජය ඉදිරියේ සාධාරණීකරණය කිරීම සඳහා කර්මාල් බලයට පත් වූ වහාම කටයුතු කෙරිණි. ජර්මන් බසින් පළ වූ ස්පීගල් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කර්මාල් සඳහන් කළේ අමින් සී.අයි.ඒ. ඔත්තුකරුවෙකු බවයි. එසේම ටරාකිගෙන් බලය පැහැරගත් අමින්, නිරායුධ ඇෆ්ගන් ජනතාව මිලියන 1.5ක් පමණ මරා දැමූ බවත්, එය කාම්බෝජයෙදී පොල්පොට් එරට ජනතාව මරා දැමූ ප්‍රමාණයට වඩා දසගුණයකින් පමණ වැඩි බවත් සඳහන් කළේය

Read More

[LONG READS] 1979 දෙසැම්බර් 13වෙනිදා කර්මල් සහ ඔහුගේ අනාගත රජයේ සාමාජිකයන් පස්දෙනෙකු රහසිගතව මොස්කව් සිට බග්රාම් ගුවන් කඳවුර වෙත පියාසර කළහ. ඒ අමින්ගේ පාලනය අහවර කළ වහාම රටේ පාලනය අතට ගැනීම සඳහාය. මේ අතර 17වැනිදා අමින්ගේ බෑණා වූ ආරක්ෂක සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අසාදුල්ලා අමින් දැඩි ආහාර විෂවීමකින් බරපතළ ලෙස රෝගාතුර වී හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා මොස්කව් බලා පියාසර කළේය.

Read More

[LONG READS] අමින් ඔහුට අවශ්‍ය ජයග්‍රහණය ලබාගත් නමුත් මුල සිටම එය කළමනාකරණය කිරීමේ අර්බුදයකට මුහුණ දුන්නේය. එය නිසා ඔහුගේ පාලනය සීමා වූයේ දින 104කට පමණි. හමුදාවේ සාමාන්‍ය නිලධාරී බළකායේ ශක්තිය වූ 8000න් අඩක් පමණ ඉතිරිව තිබිණි. ඉතිරි අය මරා දමා හෝ ප්‍රතිරෝධය දක්වා කැරලිකරුවන් සමග එකතු වීම සඳහා ඉවත්ව ගොස් තිබුණි. පක්ෂය තුළ කැරලි ගැසීම් සාමාන්‍ය දෙයක් වී තිබුණි.

Read More

[LONG READS] කාබුල් නගරය මුහුදු මට්ටමේ සිට සැතපුමකට වඩා ඉහළින් පිහිටා ඇති නමුත් ඉන් බටහිරට දෙසින් සැතපුම් දොළහක් ඈතින් පිහිටි පාග්මන් නගරය මුහුදු මට්ටමේ සිට අඩි දහසක් පමණ උසය. එය පිහිටා ඇත්තේ නගරයේ පිටුපස කෙමෙන් ඉහළට නැඟෙන පාග්මන් කඳුකරයේ බෑවුම් වල ඉහළ මායිමේ ය. පාග්මන්, සාම්ප්‍රදායිකව කාබුල්හි පොහොසතුන් සඳහා වෙන් වූ ප්‍රදේශයක් යැයි සැලකේ.

Read More

සීනි බදු ආදායම පහත වැටීමේ තිත්ත ඇත්ත විපක්ෂ නායක ප්‍රේමදාස විසින් නිවැරදිව තක්සේරු කෙරේ

Read More

[LONG READS] තලේබාන් දේශපාලනයට පෙර ඇෆ්ගනිස්තානයේ දේශපාලනය අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වන ප්‍රධාන දේශපාලන චරිත පහකි. එනම්, මොහොමඩ් සහීර් ෂා, මොහොමඩ් ඩාවුඩ් ඛාන්, මීර් අක්බර් කයිබර්, නූර් මුහම්මද් තාරකි, සහ හෆීසුල්ලා අමීන් ය.

Read More

[LONG READS] එක්සත් ජනපදය විසින් පසුකාලීනව ත්‍රස්තවාදීන් ලෙස වර්ගීකරණය කොට පහරදීමට පටන් ගත් පිරිස මුල් කාලයේදී නඩත්තු කරනු ලැබුවේ එක්සත් ජනපදය විසින්මය.එක්සත් ජනපද රහස් ඔත්තු සේවය වන සී.අයි.ඒ. විසින් සුළි කුණාටුව නමින් නම් කරනු ලැබූ මෙහෙයුම ඔස්සේ මුජහිදීන් ත්‍රස්තවාදීන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදුන්නේය.

Read More

[LONG READS] බටහිර ශිෂ්ටාචාරය තම පැවැත්ම සහ එහි අදාළත්වය ගැන මුහුණදෙන බරපතළම අර්බුදයට මුහුණදෙමින් සිටින්නේය. තම භූමියට එල්ල වූ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් වසර විස්සකට පසු එක්සත් ජනපදයට තම පැරණි උපායන් සමග තවදුරටත් ඉදිරියට යෑමට නොහැකි බව ඔප්පු කොට ඇත. ශිෂ්ටත්වයේ පාරාදීසය තම ශිෂ්ටාචාරය බව පුරසාරම් දොඩන බටහිර බලය සදාචාරාත්මක වශයෙන් විශාල බිඳවැටීමකට ලක්වී ඇත.

Read More

(FACT CHECK) ජනගහණයෙන් සාපේක්ෂව වැඩි පිරිසක් කෘෂිකර්මාන්තය මත යැපීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාගේ ප්‍රකාශය බොහෝ දුරට නිවැරදි වේ

Read More

(FACT CHECK) බදු බර සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන: සංඛ්‍යාවන් නිවැරදි නමුත් නිගමනය නිවැරදි නොවේ!

Read More

තලේබාන් ග්‍රහණය හමුවේ ඇෆ්ගනිස්ථාන වැසියන් සිය ගණනින් පසුගියදා තම රට හැරදා ගුවන් මගින් පලායාමට දැරූ උත්සාහයන් කිහිපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය. මේ එම අවස්ථාවට මුහුණ දුන් එයාර් බස් ඒ 320 ගුවන් නියමුවෙකු ලද අත්දැකීම්.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට යම් ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර, වසංගත තත්ත්වය තුළ එහි යම් වර්ධනයක් පෙන්නුම් කරයි. ආර්ථික ආර්බුදයෙන් ගොඩ ඒමට නම් ශ්‍රී ලංකාව කෙසේ කටයුතු කළ යුතුද යන්න සම්බන්ධයෙන් ආර්ථීක විද්වතුන් මේ වන විට කරුණු ඉදිරිපත් කරමින් සිටින අතර, ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයකින් මේ තත්ත්වයෙන් ඉදිරියට පැමිණිය හැකිද යන්න පිළිබඳවත් දීර්ඝ සංවාදයක් මතුව තිබේ. රට ස්වයංපෝෂිත වීම යථාර්ථවාදීද? ගෝලීය ආර්ථිකය සමග අප කෙසේ සම්බන්ධ විය යුතුද? යන කරුණු සම්බන

Read More

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මේ දිනවල යළිත් කතාබහක් ඇති වී තිබෙන්නේ, පාර්ලිමේන්තුවේ ඇති කළ තේරීම් කාරක සභාව හේතුවෙනි. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයේදී සිවිල් සමාජය, තරුණ ප්‍රජාව සහ පුරවැසියන්ගේ කාර්යභාර්ය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන්මෙම ලිපිය සැකසේ.

Read More

ශ්‍රී ලංකාවේ විවාහ වීමෙන් අනතුරුව විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවලදී වෛවාහික නඩු පැවරීමෙන් ලබාගන්නා තීන්දු ශ්‍රී ලංකාවේ පිළිගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබිණි. ඒ අනුව විදේශයන්හි සිදුකරන දික්කසාද, විවාහ අවලංගු කිරීම සහ අධිකරණමය වෙන්වීම් පිළිගැනීමට හැකිවන පරිදි නීතිමය විධිවිධාන පැනවීම යෝග්‍ය බවට අධිකරණ ඇමතිවරයා විසින් සහ පවුල් නීති උපදේශක කමිටුව විසින්ද නිර්දේශ කර තිබේ.

Read More

පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් යමින් තිබෙන අතර, මේ වන විට වසර තුනකට වැඩි කාලයක් එය කල් දමමින් තිබේ. පළාත් සභා මැතිවරණය පිළිබඳ තවමත් නිශ්චිත තත්ත්වයක් නොමැති අතර, වසර තිස්තුනක් පුරාවට ක්‍රියාත්මක වූ පළාත් සභා ප්‍රතිඵලදායකද, නොවේද යන්න පිළිබඳවත් සොයා බැලිය යුතුය. මේ සම්බන්ධයෙන්, පළාත් සභා පිළිබඳ අත්දැකීම් ඇති මුදල් කොමිෂන් සභාවේ හිටපු සභාපති අශෝක ගුණවර්ධන, උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් කේ.ඒ තිලකරත්න සහ හිටපු පළාත් සභා

Read More

හමුදාකරණය යන වචනය ලංකාවේ විවිධ සාකච්ඡා සහ සංවාදවලදී නිතර අසන්නට ලැබේ. මේ වන විට ලංකාව තුළ මෘදු හමුදාකරණයක් ඇති බව ඇතැම් විට ප්‍රකාශ වන කරුණකි. දේශපාලන ක්ෂේත්‍රය තුළත් මෙය වැඩි වශයෙන් කතාබහ වන අතර, මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයද හමුදාකරණයට ලක් කිරීමට සූදානමක් පවතින බවද ඇතැම් සාකච්ඡාවල සඳහන් වේ.

Read More

වනසතුන් ගැවසීගත් මහ වන මැද සරු සාර අඹ උයනක් පවත්වාගෙන යාමට එහි හිමිකරු වන ලියන්වත්තගේ වසන්ත සමන් කුමාර සිරිවර්ධන මහතාට හැකි වී තිබේ. මැදවච්චිය, කෝනකුඹුක්ගොල්ලෑව ගම් මායිමෙන් ඔබ්බට වන්නට මෙම සරුසාර අඹ උයන පිහිටා ඇත.

Read More

ගුරු විදුහල්පතිවරුන්ට ඇති වි තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා මේ වන විට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරමින් තිබේ. මේ නිසා සිසුන්ගේ අධ්‍යාපනයට දැඩි බලපෑම් සිදුව තිබෙන අතර, ඉදිරියේදී පැවත්වෙන පාසල් විභාග කටයුතුවලටද මේ තුළින් බලපෑම් එල්ලවෙමින් තිබෙන බව වාර්තා වේ.

Read More

වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමකදී එය සිදුවන්නේ කෙලෙසින්ද යන්න බොහෝදෙනෙක් නොදනී. මේ නිසා යම් වරදකරුවෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවා විවිධ ගැටලු ඇති වේ. එමෙන්ම ඇතැම්විට නීතියේ ඇති යම් හිඩැස් මතින් වරදකරුවන්ද නිදහස ලබයි. මේ සම්බන්ධයෙන් පසුගිය 31වැනිදා ‘ප්‍රායෝගිකවාදී නීති ශිෂ්‍ය ව්‍යාපාරය’ විසින් සාකච්ඡාවක් සංවිධානය කර තිබිණි. අපරාධ නීතිය, අපරාධ නඩු විධාන සංග්‍රහය, නඩු තීන්දු, තීරණ නීතිය සහ අනෙකුත් ව්‍යවස්ථාපිත නීතිය තුළින් ‘අත්අඩංගුවට ගැනීම

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.