saravita-anim2

2019 ජනවාරි මස 18 වන සිකුරාදා

2019 ජනවාරි මස 18 වන සිකුරාදා

Opinion - timelapse 3 hours ago

LATEST

ජනාධිපතිවරණයට මුහුණු දෙකක් ඉදිරිපත් කරනවා

calendar_today 2019 ජන 18 - 09:01 remove_red_eye - 48  

දේශපාලන කරළියේ උණුසුම් මාතෘකා දිනෙන් දින නිර්මාණය වෙද්දී එක්සත් ජාතික පක්ෂය දෙසින් ජනාධිපතිවරණයට අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධව අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධව වැඩිදුර කරුණු දැන ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සම්බන්ධ කර ගැනී

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ජවිපෙ රට පුරා පෝස්ටර් අලවා තිබේ. ඒ සඳහා සෙසු වාමාංශික හා ප්‍රගතිශීලී පිරිස්ද දිගු කලක සිට වෙහෙසෙන බව අපි දනිමු. ඓතිහාසික වශයෙන් ගත්කල ලංකාව තුළ විශාල ගැටලු ප්‍රමාණයක් නිර්මාණය කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ අසුරා ජන සමාජය තුළ බොහෝ විකෘතීන් ඇති කිරීමට විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගැනීමේදී මේ මොහොතේ පවතින සියලු තත්ත්වයන් වඩා ගැඹුරින් සලකා බැලීම සිදුකළ යුතුය.

Read More

පසුගිය වසරේ මාර්තු මාසය කළු මාර්තුවක් බවට පත්වීමේ පළමු ගිනි පුපුර ඇවිලී ගියේ මහනුවරම උණුසුම් කරමිනි. දීර්ඝ කාලයක් තිස්සේ සිංහල, දමිළ, මුස්ලිම් භේදයකින් තොරව ජන විවිධත්වයම සංස්කෘතික සෞන්දර්යක් බවට පත් කරගෙන සිටි මහනුවර එක සැණෙකින් එහිදී දේශීය ජනතාවට හා විදේශිකයන්ට අනාරක්ෂිත ස්ථානයක් බවට පත්වූයේ ජාතිවාදයේ අසුන්දරත්වය විදහාපාමිනි.

Read More

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රධානතම මාධ්‍ය සමූහයක ප්‍රධාන හිමිකරුවා වන්නේ ලංකාවේ ප්‍රමුඛතම වතුර බට නිෂ්පාදකයාය. වතුර බට නිෂ්පාදනයේ යෙදෙමින් ව්‍යාපාරවල යෙදුණු ඔහු මාධ්‍ය ව්‍යාපාරට පැමිණෙනුයේ ගුවන් විදුලියේ රසවතකුගේ ඇසුර නිසාවෙනි. කිසිවෙකුගේත් අවධානයට ලක් නොවූ, චින්තනමය දිළින්දෙකු වූ මෙම හිමිකරුට මහරාජා කෙනෙකුට මෙන් අතිරික්ත මුදල් තිබුණි.

Read More

රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් වැඩි කොටසක් ගෙන්වනු ලබන්නේ පිටරටින්ය. එසේ තිබියදීත් මෙරට ගොවීන්ගේ අස්වැන්නට නියමිත මිලක් නොලැබීම හා අස්වැන්න නිසි ලෙස විකුණා ගැනීමට නොහැකි වීමේ ගැටලුවකට මෙරට ගොවීන්ට මුහුණ දීමට සිදුව තිබේ. එසේ තිබියදී මෙරට ගොවි ජනතාවට සේනා දළඹු උවදුරින්ද, පීඩාවට පත්වීමට සිදුවී තිබේ. මේ නිසා ඒ පිළිබඳව %අද^ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සමග කතාබහක නිරත විණ.

Read More

‘බැලාස්ට්‘ යනු නෞකාවක සහ වෙනත් නාවික යාත්‍රාවල සමතුලිතතාව පවත්වාගෙන යෑම සඳහා යොදා ගැනෙන ද්‍රව්‍යයයි. ඈත අතීතයේදී නාවික ගමනාගමනයේදී %‘‘බැලාස්ට්‘‘^ ද්‍රව්‍යයක් ලෙස ගල් වැනි දේ භාවිත කර තිබේ.

Read More
සෙනෙට් සභාව
9 01 2019 09:54:00
0 35

රජයේ පරිපාලන සහ නෛතික කටයුතු වෙනුවෙන් සාමාන්‍ය ජනතාව අතරින් මිනිසුන් තෝරා පත්කර ගැනීම මෙහිදී සිදුවිය. එහිදී ව්‍යවස්ථාදායක සභාවක් ක්‍රියාත්මක වූ අතර, ඊටද ඇතුළත් වූයේ සාමාන්‍ය මිනිසුන්ය. මෙය රාජාණ්ඩු ක්‍රමයක් නොවුණත් නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ සියල්ලක්ම මෙහි දැක ගැනීමට නොහැකි විය.

Read More

මීට මාස කිහිපයකට පෙර වඩාත් උත්කර්ෂයට නැංවූ මාතෘකාවක් බවට පත්ව තිබූ සිංහරාජයේ අලි පිළිබඳ කතිකාව නැවතත් ක්‍රමයෙන් කරළියට නැගෙමින් තිබේ. ඊට හේතු වන්නේ සිංහරාජයේ අලින්ගේ ඍතුමය සංක්‍රමණ රටාවේ ප්‍රතිඵලයක් ලෙස දැනට ජීවත් වන අලින් දෙදෙනා නැවතත් සිංහරාජයේ උතුරු කලාපයට පැමිණ සිටීමය. මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් වාර්තා වන අතර, මිනිසුන්ගෙන් අලින්ටද, අලින්ගෙන් මිනිසුන්ටද හානියක් නොවන අයුරින් ඔවුන්ගේ උතුරු ප්‍රදේශයේ සංචාරය අවසන් කර

Read More

ජනසෙත පෙරමුණේ දේශපාලන වැඩකටයුතු සහ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව විමසීමට එම පක්ෂයේ නායක බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගැනීමට අපි සිතුවෙමු. මේ උන්වහන්සේ සමග කළ සංවාද සටහනකි.

Read More

මේ සතියේදී කුරහන් සුවඳ තීරු ලිපිය ඔබ කියවන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්තියේ සිවුවැනි සංවත්සරය සිදුවන අවස්ථාවේදීය. සිය සිවුවැනි පදවිප්‍රාප්තිය සමරන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පැතුම් එක් කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි. මෙවර %කුරහන් සුවඳ^ තීරු ලිපියෙන් අපි කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කිරීමට අදහස් කළෙමු.

Read More

වැඩි කලක් නොගොස් මෙරට දැඩි ආහාර හිඟයක් ඇතිවිය හැකි තරමට කෘෂි ක්‍ෂේත්‍රයේ වගාවන්ට සේනා දළඹුවාගෙන් සිදුවන හානිය ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව දිවයින පුරා සිදුකළ හැදෑරීම්වලදී ගොවියන්ගෙන් ඇසුණු මැසිවිල්ලකි. අපි මෙහි සැබෑ තත්ත්වය සහ මේ සම්බන්ධයෙන් ගතයුතු පිළියම් සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළිබෝධනාශක රෙජිස්ටාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතාගෙන් විමසුවෙමු.

Read More

ශ්‍රී ලංකාවේ 1978 ව්‍යවස්ථාව අනුව මුළු රටම එක් මැතිවරණ කොට්ඨාසයක් ලෙස සලකා මැතිවරණයකට යන්නේ නම්, ඒ ජනාධිපතිවරණයකටය. එම ව්‍යවස්ථාව මගින් රටේ දේශපාලනය තුළ ජාතිවාදී නායකයෙකුට බලයට පත්වීම සම්පූර්ණයෙන් වැළැක්වීමට කටයුතු කර තිබිණි. මන්ද රටේ ප්‍රධාන පක්‍ෂ දෙක සිංහල ඡන්ද පදනම හා අනිකුත් ජාතීන් අතරද 50-50 ලබා ගනිති^යි පූර්ව නිගමනයක් අනුව 1978දී ජනාධිපති ධුරය බිහිකෙරිණි.

Read More

තම අසල්වැසියන් ලෙස සිංහල ජනතාව පැමිණෙනවාට තමන් දැඩි කැමැත්තක් දක්වන බව මහාචාර්ය මයුර සමරකෝන් මහතා ප්‍රමුඛ අධ්‍යයන කණ්ඩායමක් වෙත පසුගියදා අදහස් දක්වා තිබුණේ උතුරේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව විසිනි. අප අපේක්ෂා කරන රටට ඇවැසිව තිබෙන සැබෑ සංහිඳියාව ජනතාවගේ සිත් තුළ එසේ ගැබ්ව තිබෙන නමුත් අවස්ථාවාදී මුග්ධ දේශපාලනය සහ කණ්ඩායම් තවමත් ව්‍යාජ අර්බුද මවාපාමින් ශ්‍රී ලාංකිකයන් භේද බින්න කරමින් සිටිති. එබැවින් මේ පිළිබඳ විග්‍රහයක් ගෙන ඒමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වව

Read More
කරෝෂි
2 01 2019 09:33:00
0 38

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්වචනය කර ඇති ආකාරය අනුව සෞඛ්‍ය යනු පුද්ගලයෙකුගේ කායික, මානසික හා සාමාජීය යහපැවැත්මයි. මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි නොයෙකුත් සාධක බලපවත්වන අතර, පුද්ගලයෙකුගේ සමාජ සහ ආර්ථික පසුබිම, ජානමය පසුබිම, චර්යා රටා, රැකියාව සහ විශේෂයෙන්ම ජීවත්වන භෞතික පරිසරය ඔහුගේ සෞඛ්‍ය කෙරෙහි සෘජු බලපෑමක් ඇතිකරනු ලබයි. මේ අතරින් පරිසර සාධක සුවිශේෂී ස්ථානයක් ගන්නා අතර, මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි බලපවත්වන පරිසර සාධක අතරින් වඩාත් සංවේදී සහ වැඩි අවධානයක් යොමු නොව

Read More

’අද’ පුවත්පත මුද්‍රණය කිරීම අරඹා අද දිනට (ජනවාරි 02දා) වසර 07ක් සම්පූර්ණ වෙයි. දිනපතා පුවත්පත් අතරට වෙනස් යමක් එක් කිරීමට අප ගත් උත්සාහය පසුගිය වසර 07 තුළදී අප සමග සිටි පාඨකයන් අත්විඳින්නට ඇතැයි අපේ විශ්වාසයයි.

Read More

මේ රටේ භාණ්ඩ හා සේවාවල මිල තීරණය කිරීමේදී ප්‍රධානම සාධකය වී තිබෙන්නේ ඉන්ධනය. මේ නිසා ගෙවී ගිය කාලය පුරාම ඉන්ධන මිල ඉහළ යෑම සැලකිල්ලට ගෙන භාණ්ඩ හා සේවා මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගියේය. එහෙත් අවාසනාවකට කරුණ වී තිබෙන්නේ ඉන්ධන මිල අඩුවීමේදී භාණ්ඩ මිල අඩුකිරීමට වෙළෙඳ ප්‍රජාව හෝ වෙළෙඳ ප්‍රජාව නියෝජනය කරන සංගම් කටයුතු නොකිරීමය. මෙරට පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම සඳහා පිහිටුවා තිබෙන ප්‍රධානම ආයතනය වන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියයි

Read More

අප ආහාර සඳහා යමක් මිලදී ගන්නා විට එය හොඳම මට්ටමේ ආහාරද යන්න පිළිබඳව බොහෝ සෙයින් සැලකිලිමත්වෙමු. එය එසේ වනුයේ අප එම ආහාර දූෂිත මට්ටමේ පැවතියදී ආහාරයට ගෙන ඒවා විෂ විය හැකිය යන්න සම්බන්ධයෙන් යම් සැකයක් සහිත වන බැවිණි. නමුත් අපට වෙළඳ පොලෙන් මිලදී ගන්නා ආහාර මෙන්ම නිවසේ පිළියෙළ කරගන්නා ආහාර සම්බන්ධයෙනුත් ගැටළු සහිත තැන් මතුවන බව ඔබ අත්දැකීමෙන්ම දනී. මෙකළ අන් කවරදාටත් වඩා ආහාරවලට එකතුවෙන විෂ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබේ. නමුත් නිවසේ ආ

Read More

අප ජීවත්වන්නේ ලංකාවේ අරුම පුදුම යුගයකය. නිදහස ලබා හැත්තෑ වසරකට පසු, ලෝකයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතරින් අප එක්තරා ආකාරයකට පසුබෑමට ලක් වූ රටක් බවට පත්වී තිබේ. ඒ සඳහා බලපෑ හේතු විශාල සංඛ්‍යාවක් තිබුණද ප්‍රධානතම හේතුව ලෙස මට පෙනී යන්නේ නිදහසෙන් පසු අපට දිගින් දිගටම සිවිල් අරගලයන් කිහිපයකට මුහුණදීමට සිදු වීමයි. එනම් දකුණේ සිංහල තරුණයන් අතර හටගත් සිවිල් අරගල දෙකක්ද, එසේම උතුරේ ද්‍රවිඩ තරුණයන් අතර අදටත් කතාවන, තිස් වසරක් තිස්සේ දිග්ගැස්සී ගිය විශාල

Read More

දින 365 පුරා දවසේ පැය 24 තුළම පොලිස් නිලධාරීන් රටට සේවය කළද, රැකියාවේදී සිදුවන අසාධාරණකම් ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට අවස්ථාවක් නොමැත. මේ නිසා වෘත්තීය ගැටලු කෙතරම් ඇති වුවද, ඒවා විඳ දරාගෙන සේවය කිරීමට පොලිස් නිලධාරීන්ට සිදුව තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිස් නිලධාරීන්ගේ ඥාතීන් විසින් ගොඩනගා ගත් සංවිධානය විසින් පොලිස් නිලධාරීන්ට ඇතිව තිබෙන ගැටලු පිළිබඳ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලබයි. මේ පිළිබඳ %අද^ ශ්‍රී ලංකා පොලිස් ඥාති සංසදයේ ලේකම

Read More

මෙවර මහ කන්නයේ වී වගා කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවේ යල කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමෙන් අනතුරුවය. රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය යන ගමන්මගේ මෙවර මහ කන්නයෙන් එම අරමුණු මුදුන්පත් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ මෙලෙස විමසීමක් කරනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ඩී. වන්නිනායකගෙනි.

Read More

2008 අංක 35 දරන සම්‍රද්‍ර දූෂණ වැළැක්වීමේ පනත ප්‍රකාරව ඛනිජ තෙල් හෝ ආශ්‍රිත ක්‍රියාකරකම් ඇතුළු ස්වාභාවික සම්පත් ගවේෂණය කිරීමේ හෝ එම කාර්යයේ නියැළී සිටින කොන්ත්‍රාත්කරුවන්, උපසේවා කොන්ත්‍රාත්කරුවන් සහ වෙනත් පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරීත්වය අධීක්‍ෂණය කිරීම, විධිමත් කිරීම සහ පරීක්‍ෂා කිරීම සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය වෙත පැවරී ඇති වගකීමකි. මේ වනවිට සිදුවන මන්නාරම් බොක්කේ තෙල් කැණීම් කටයුතු සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරෙම

Read More

මෙරට වගා කරන පළා වර්ගවලට යොදන පළිබෝධනාශක නිසා යම් වසවිස තත්ත්වයක් ඇතැයි පවතින රාවයක් සමග ජනතාව පළා වර්ග අනුභවයෙන් ඈත්ව සිටින බව පළා වර්ග වැඩියෙන් වගා කෙරෙන දකුණ, බස්නාහිර සහ වයඹ පළාත්වල ගොවියන්ගෙන් දැඩි මැසිවිල්ලක් ඇසිණි. අපි ඒ සම්බන්ධයෙන් සත්‍යය අනාවරණය කරගනු වස් පළිබෝධනාශක රෙජිස්ටාර් ආචාර්ය, සුමිත් ජ‍යකොඩි මහතාගෙන් විමසුවෙමු.

Read More
කර්මය
26 12 2018 09:25:00
0 78

කර්මය යනු බුදු දහම, හින්දු දහම, සීක් ආගම, ජෛනාගම, තාඕ දහම ඇතුළු විවිධ වූ ආගම් රැසක් තුළ දැක ගැනීමට ලැබෙන සංකල්පයකි. හේතු ඵල සම්බන්ධතාව මත පිහිටා කර්මය පිළිබඳ අදහස බොහෝ ආගම් තුළ නිර්මාණය වී තිබේ.

Read More

විශේෂ හැකියා සහිත සහෝදර ජනතාව පිළිබඳ ශ්‍රී ලාංකික සමාජයේ සංවේදීවීම බොහෝ අවස්ථාවන්හීදී ගොනුවන්නේ අනුකම්පාව මූලික කරගත් හැඟීමක් වෙතය. හුදෙක් අනුකම්පාව මත ක්‍රියාකිරීම නිසා සමාජයෙන් සැබෑ ලෙසටම සමානාත්මතාවක් ඉල්ලා සිටින ඔවුන් වෙත අප සිදුකරන්නේ යම් ආකාරයක බලවත් වූ අසාධාරණයක් බව මෙහිදී සඳහන් කළ යුතුය. සමාජයෙන් කිසිදු විටෙක අනුකම්පාවක් අපේක්ෂා නොකරන ඔවුන් සමානාත්මතාව ඉල්ලා සිටින්නේ ඔවුන් ඔබ හෝ මම කෙරෙන් සැබවින්ම නොවෙනස් පිරිසක් වන නිසාවෙනි. එබැවින් විශේ

Read More

(මෙම ලිපිය 2017 වසරේ ජනවාරි මාසයේ ලියන ලද්දකි, වළක වැටීම මොළයට හොඳ යැයි, මාඕ සේතුන්ගේ කියමනක් තිබේ. එම නිසා සියල්ලෝම ආප්පය තාච්චියේ යුගයට ගොස් නැවත කියවත්වා.) වර්තමාන දේශපාලන තත්ත්වය කොළඹ සිට විග්‍රහ කරන්නන් විවිධාකාරයේ කතා කියූවද, න්‍යායන් ඉදිරිපත් කළද, මහපොළවේ දේශපාලනය තුළ ඇත්තේ විශේෂිත තත්ත්වයකි. කෙනෙකු ප්‍රජාව අතරට ගොස්, ඔවුන්ගෙන් ආණ්ඩුව පිළිබඳ ජන මතය විමසුවහොත් අපට මූලික වශයෙන් කණ්ඩායම් කිහිපයක් හඳුනාගත හැකිය.

Read More

සියලු අභියෝග එල්ල වූයේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට හා එහි අංගෝපාංගවලටය. දේශපාලන නායකත්වය වෙත කවුරු ආවද ගියද කේන්ද්‍රීය හා වැදගත් සාධකය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. අවසානයේ එය ලැබුවේ සාපේක්ෂ ජයකි.

Read More

පැවති දේශපාලනික අස්ථාවර භාවය යම්තාක් දුරට පහව යද්දී රටේ ආර්ථිකයට කුමක් සිදුවේවිද? යන ගැටලුව මහජනතාව හමුවේ පැන නගින්නේ අයවැය සම්බන්ධයෙන් නැගෙන කතාබහත් සමගිනි. රටේ ආර්ථික තත්ත්වයේ පසුබෑමක් පවතින මෙවන් වටපිටාවක අයවැයකින් මහජනතාව ලෙස බලාපොරොත්තු විය හැක්කේ මොනවාද? යන්නත්, ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් අයවැය සම්පාදනයේදී රජයක් ලෙස සැලකිලිමත් විය යුත්තේ මොනවා සම්බන්ධවද? පිළිබඳවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය චන්දන අලුත්ගේ මහතා

Read More

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දැරීම හෝ අමාත්‍යාංශ තමන් යටතේ පවත්වාගෙන යෑම මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත් වීමට බාධාවක් නොවන බව පැහැදිලි කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.