www.ada.lk
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
රික්ටර් පරිමාණ 7.5ක භූ කම්පනයත්, පසුව මීටර් 6ක් උසට ඇදුණු සුනාමි රළත් සමග ඉන්දුනීසියාවේ සුලවෙසි දූපත ආශ්‍රිතව සිදුව ඇති ස්වභාවික ව්‍යසනය විසින් මිනිස් ජීවිත 850කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් බිලිගෙන තිබේ.
පාලු සහ ඩොන්ගාලා නගර මෙම ඛේදවාචකයට වඩාත් බරපතළ ලෙස මුහුණදුන් නගර ලෙස සැලකෙන අතර, එම නගරවල මිනිස් ජීවිත මෙන්ම මහා දැවැන්ත ගොඩනැගිලිද භූ කම්පනයට දෙදරා පසුව, මහා මුහුදු රළටද ගසාගෙන ගොස් තිබුණි.
වෙරළාසන්න නගර රැසක මහා මාර්ග සම්පූර්ණයෙන් බිඳ වැටී හෝ අවහිර වී ඇති නිසා සහන සේවා සැපයීම මෙන්ම, ගලවා ගැනීමේ මෙහෙයුම් අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත්කර තිබේ.
මේ අතර, සුනාමි අනතුරු ඇඟවීම් මුලින්ම ඉවත්කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් ක්‍රියාකර තිබීමත්, පසුව මහා සුනාමියක් ප්‍රදේශය වෙත ඇදීඒමත් නිසා රජය වෙත ජනතාවගේ චෝදනාවද එල්ල වෙමින් තිබේ.
කෙසේ වෙතත්, ඉන්දුනිසියා ජනපති විඩෝඩෝ සිද්ධියට වූ ප්‍රදේශ රැසක ගමන් කරමින් ජනතාවගේ සුවදුක් විමසීමට කටයුතු කර තිබුණු අතර, අවශ්‍ය සියලු සහන කටයුතු සලසන බවද අවධාරණය කර තිබුණි.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd