saravita-anim2

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2024 මාර්තු මස 29 වන සිකුරාදා

නැණ කොසුව - timelapse 8415 hours ago

LATEST

අධි රුධිර පීඩනය සහ ප්‍රතිකාර ගැන දැනගනිමු

calendar_today 2018 දෙසැ 18 - 09:59 remove_red_eye - 14540  

උත්සව සමය උදාවෙලා . මේ නිසා භෝජන සංග්‍රහ සහ ප්‍රීති උත්සව අතරේ ඔබට පාලනයක් ඇතිව ලබාගත යුතු ආහාර පාලනයකින් තොරව ගන්නට සිදුවෙනවා වෙන්න පුළුවන්. නමුත් කුමන හේතුවක් මතවත් ඔබ ගන්නා ඖෂධ වේල මග හැරීම නම් නොකල යුතුදෙයක්. එයින් ඔබ නොදැනීම ඔබව අනතුරක දමා ගන්නා බව සිහි තබා ගන්න. අධි රුධිර පීඩනය නැතිනම් ප්‍රෙෂර් එක

පුද්ගලයින්ට මරණය ඇතිකරන ලෙඩ රෝග ගැන අපි කොතෙකුත් කතාකරමු. එමෙන්ම රෝගීවීම යනුවෙන් අප අදහස් කරන්නේ කිසියම් ආකාරයකින් ශාරීරිකව ඇතිවන වේදනාවන් හෝ අස්වාභාවික තත්ත්වයන් නිසා පීඩා විඳිමින් සිටීමය. නමුත් එසේ ශාරීරිකව යම් පිඩාවක් නැතිව සිටින පුද්ගලයින් රෝගීන් නොවන අතර කායිකව යම් ආබාධමය තත්ත්වයන්ට මුහුණ දී සිටින හා ඒවාට පිළියම් ලබමින් සිටින්නන්ට වඩා මරණයට පත්වන්නේ නම් එය නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොවේ. සැබවින්ම රිය අනතුරු නිසා ඇතිවන මරණ, එවැනි ඒවා බව ඔබ

Read More

මේ නත්තල් සහ නව අවුරුදු සමයයි. දස අතින් උත්සව සිරිය ඉඟිකරන කාලසීමාවක් මෙන්ම පාසල් නිවාඩු කාලයද බැවින් බොහෝ විට ඔබ සාප්පු සවාරියේ යෙදෙන්නේ ඔබේ දූදරුවන් ද කැටිව විය හැකිය. සාප්පු සවාරියේ යෙදෙන්නන් අතර ඇතැම් බෝවන රෝගීන්ද ගැවසීමට ඉඩ ඇති බව ඔබට සිහිපත් නොවීමට ඉඩ ඇත. මන්ද ඔබ ඒ සම්බන්ධයෙන් යම් පරිස්සමක් විය යුතු බව සිතන්නේ ඔබ රෝගවලට ගොදුරුවූවාට පසුවය. ඇතැම් විට සෙනග වැඩි වීම සහ පාරේ වාහන තදබදය මගහැරගන්නට ඔබ ගෙදරින් පිටත්වන්නේ වඩාත් වේලාසණින් විය හැකි අත

Read More

කිසියම් රෝගීබවක් නැතිනම් වේදනාවක් ඇතිවුවහොත් ඔබ එය ඉක්මණින් සුවකර ගත හැකි මගක් සොයන බව අමුතුවෙන් සඳහන් කළ යුතු දෙයක් නොවෙයි. රජයේ රෝහල් මෙන්ම පෞද්ගලික අංශයේ රෝහල්වල පීරී සිටින මේ රෝගීන් සියළු දෙනාම ඒ ප්‍රතිකාරවලින් සුවවෙනවාද ? යන ප්‍රශ්නය කිසියම් මොහොතක ඔබටත් ඇතිවී ඇති. එක් රෝගයක් සුව වීම පිණිස ඔබ ගන්නා ප්‍රතිකාරයක් නිසා තවත් රෝගයක් උත්සන්න වෙනවා නම් ඔබ ඊට ගන්නා පියවර කුමක්ද ? සැබවින්ම ඔබට පවතින රෝගය කුමක්වුවත් ඒ වන විට ඔබට ඇත්තේ ඒ රෝගයම පමණක්ය

Read More

අප මේ සාකච්ඡාව අරඹන්නේ ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 12 දෙනෙකු අතරින් එක් අයෙකු බැගින් දියවැඩියාව රෝගයට ගොදුරුව සිටියදීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ළමා හා තරුණ පරපුර දියවැඩියාව නිසා දැඩි අවදානමක හා යෞවනයන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියා අවදානමේ පසුවෙන අතර අප රටේ වාර්ෂිකව සිදුවන මරණ අතරින් සියයට 7 ක් දියවැඩියාව නිසා සිදුවේ යැයි පැවසේ. දියවැඩියාව මේ වන විට ලොව පුරා මහජන සෞඛ්‍ය ප්‍රශ්න රාශියක් ඇතිකිරීමට හේතු වී ඇති රෝගයක් බවට පත්වී අැත. දියවැඩියාව තම පවුල තු

Read More

අද වන විට රෝගාතූරවිම යනු ගැටලු රාශියක ආරම්භයය. එහෙයින් අන් කවරදාකටත් වඩා නිරෝගීව සිටීමට යම් වැදගත් කමක් එක්වී තිබේ. එහෙත් මුහුණට මුහුණ සටන්කරන්නාට එරෙහිව අපට සටන් කළ හැකිය. එහෙත් නිහඬවම පැමිනෙන සතුරා ඉදිරියේ අප පරාජය වෙන්නේ සතුරා අපට පහර දෙන තුරැම අප නොදන්නා බැවිනි. ආඝාතය ද එවන් නිහඬ සතුරෙකිග අප අද , ඒ ගැන කතාකරන්නේ එබැවිනි.

Read More

ප්ලාස්ටික් සැත්කම් යනු බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගන්නා මාතෘකාවක් නමුත් සමහරු තවමත් සිතා සිටින්නේ ප්ලාස්ටික් සැත්කම් යනු ප්ලාස්ටික් කැබලි යොදාගනිමින් සිදු කරන ශල්‍යකර්ම බවයි. කිසියම් අවස්ථාවක ස්වභාවික ස්වරූපයේ මතුවන කිසියම් අස්වාභාවිකත්වයක් ස්වභාවික ස්වරූපයට හා ක්‍රියාකාරිත්වයට පත්කරගන්නට හෝ ස්වභාවික ස්වරූපයේ පවතින අඩුපාඩුවක් වඩාත් අලංකාරව ඉස්මතුවන සේ භාහිර පෙනුම සකස් කිරීමක් සඳහා කෙනෙකුට නිතැතින්ම මතක් වනුයේ ප්ලාස්ටික් සැත්කම් එසේත් නැතිනම් කොස්මැ

Read More

ඔබේ මව ඔබේ ඥාතිවරිය බිරිය දියනිය පියයුරු පිළිකාවෙන් ආරක්ෂිත ද, කලින් හඳුනාගැනීමෙන් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි ප්‍රතිකාර පවතින රෝගයක් වූ පියයුරු පිළිකාව නිසා තව දුරටත් අපේ මවුවරු ආත්තම්මලා සහ දියණිවරු ජීවිතයෙන් වන්දිගෙවිය යුතද? නැත. උතුම් මාතෘත්වය වෙනුවෙන් ඇගේ ළමැද එරැනු කිරෙන් බිහිකළ ලෝකයට උපහැර වශයෙන් අප කුමක් කළ යුතුද ? ඔබට මෙතෙක් ඔවුන්ගේ ජීවිතය පියයුරු පිළිකාවෙන් ආරක්ෂිත බව සොයාබලන්නට මගහැරී ගියේ නම් අදම ඊට මුල් තැන දෙන්න. සාමාන්‍යයෙන් අන්තර්ජ

Read More

ඇස් දෙක වගේ රැකගත යුතු යැයි අප ඇතැම් විට උපමා කරන්නේ අතිශයින්ම රැකගත යුතු යමක් පිළිබඳවය. ඒ, එතරම්ම දෑස අපට වටිනා බැවිනි. වියපත්වීම දෑසේ පෙනීම මදවීමේ ආරම්භයක් යැයි ඔබත් සිතනවාද? ඇතැම් විටෙක ඔබත්, ඔබේ දෑසේ පෙනීම ඔබට අවුරුදු හතළිහ ලබන විට මදක් අඩුවේ යැයි නැතිනම් හතළිස් ඇඳිරිය පිළිබඳ ඇති ආකල්ප නිසා හතළිස්වියේදී ඇතිවෙන පෙනීමේ මදකම තාවකාලික යැයි කියා ඒ පිළිබඳව නොසලකා ඉන්නට ඉඩ තිබේ. නැත, හතළිහ වෙන විට ඔබ ඔබේ පෙනීමේ ඇතිවිය හැකි ගැටලු පිළිබඳ වඩාත් අවදියෙන

Read More

මිනි ස්ට්‍රෝක් නැතිනම් පුංචි ආඝාතයක් ඇවිත්. ඒකෙන් ගැලවුනා කියන්නේ සදාකාලයටම ආඝාතයෙන් ආරක්ෂාවීමක් නෙවෙයි. ළඟ ළඟම පූර්ව ආඝාතයක් එන පෙර මග සළකුණු වීමට එයින් ඉඩක් පවතින බව ඔබ තවමත් නොදන්නවා විය හැකියි. ආඝාතය කිවුවම බොහෝ දෙනෙක් දන්නේ සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් සිරුරේ ආබාධයන් ඇතිකරවන හදිසි තත්ත්වයක් ලෙසයි. ස්ට්‍රෝක් එකක් ඇවිත් , දැන් ඔන්න අංශභාගෙ හැදිලා කියලා ,බොහොම කණගාටුවෙන් කියන ඔබ, මේ කතාකරන්නේ වළක්වා ගත හැකිව තිබූ දෙයක් බව නිකමටවත් හිතුවාද? කො

Read More

ලෙඩේ මොකක්දැයි ඇසූ විට කළකට ඉහත අප පැවසුවේ කුමන හේ එක රෝගයක් පිළිබඳවය. නමුත් මේවන විට රෝග කීපයක් පොදු නමක් භාවිතකොට හඳුන්වන්නට අප හුරුවෙමින් සිටිමු ඒ බෝනොවන රෝග වශයෙනි. සැබවින්ම රෝගයක් කී විට එය කිසියම් බැක්ටීරියාවක් හෝ වෛරසයක් ඇසුරුකොට ගෙන වැළදෙන්නක්ය යන මතයේ සිට අප ප්‍රවේශම් සහගත වුවත් එවන් හේතුවක් නොමැතිව වැළදෙන බවක් පෙන්වන බෝ නොවන රෝග අද වන විට බහුලවී බවතී. දියවැඩියාව ආඝාතය, හෘද රෝග, පිළිකා , අධි රුධිර පීඩනය අධි කොලෙස්ටරෝලතාව ස්වසන රෝග ම

Read More

අධි රුධිරපීඩනය නැතිනම් කාටත් හුරුපුරුදු වචනයෙන් කිවහොත් ප්‍රෙෂර් එක නිසා වකුගඩු රෝගී විය හැකි බව හෝ වකුගඩු රෝග නිසා කෙනෙකුට ප්‍රෙෂර් එක ඇති විය හැකි බව බොහෝ දෙනෙකු නොදන්නා කාරණයකි. නමුත් සත්‍ය කතාව නම් වකුගඩු රෝගයක් ඇති අයෙකු පහසුවෙන්ම අධි රුධිරපීඩනයට ලක් විය හැකි බවත් අධි රුධිරපීඩනය ඇති වී තිබෙන රෝගීන් වකුගඩු රෝගීන් බවටද පත් විය හැකි බවත්ය. අධි රුධිරපීඩනය ඇතිවෙන්නේ ඇයිද යන්න එවන් අවස්ථාවකදි ඔබට සිතෙනු ඇත. අධි රුධිර පීඩනය ඇතිවන්නේ කිනම් හේතුවක්

Read More

තුවාලයක් හැදුණම එය වඩාත් බරපතලවු වත්, සරල එකක් වුවත් එක්වරම බොහෝ දෙනෙක් විමසන්නේ පිටගැස්මට බෙහෙත් ගත්තාද යන්නෙන් විය හැකිය. පිටගැස්ම යනු කෙනෙකුගෙන් කෙනෙකුට බෝවන රෝගයක් නොවේ.. එමෙන්ම බැක්ටීරියාවක් ලෙසින් සිරුරට ඇතුලු වන පිටගැස්ම රෝග බීජ ඇතමුන්ට මරණය පවා කැඳවන බැවින් අතීතයේ පටන්ම පිටගැස්ම යන රෝගය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් තුළ තැතිගැන්මක් පවතී. විශේෂයෙන්ම කිසියම් අයෙකුගේ සමේ ඇතිවන තුවාල තුළින් පස් හෝ සතුන්ගේ මළ කොටස් ඇතුලු වීම හරහා පිටගැස්ම රෝගලේ

Read More

ඇතැම් අවස්ථාවල පුද්ගලයෙකු රෝගී වූ විට එයින් සුවපත්වීමට වෙනදාට වඩා වැඩි පෝෂණයක් රෝගියාට ලබාදෙන බව ඔබ හොඳින් දන්නා කරුණක්. නමුත් දියවැඩියා රෝගියාගේ ආහාර හැමවිටම ප්‍රමාණවලින් පවා අඩුකිරීමක් දකින්නට ලැබෙනවා. දියවැඩියා රෝගියාට පෝෂණය අවශ්‍ය නැද්ද ඔබට මෙසේ සිතෙනවා නම් එය පුදුමයක් නෙවෙයි. සාමාන්‍යයෙන් දියවැඩියා රෝගයට ගොදුරු වූ අයෙකුට නිරෝගී අයෙකුට මෙන් ඕනෑම ආහාරයක් අවශ්‍ය තරම් ප්‍රමාණයට ගැනීමට අවසර ලැබෙන්නේ නැහැ. දියවැඩියා රෝගියාට ආහාර පාලනය කරන්න උපදෙස්

Read More

රුව අලංකරණය යනු මේවන විට මුළු ලොව පුරාම දැඩි අවධානයකට ලක් වූ කරුණක්. මේ සම්බන්ධයෙන් මිනිසුන් දක්වන උනන්දුව නිසාම දැන් දැන් රුව අලංකරණය සඳහා සාර්ථක පිළියම් අතරට වෛද්‍ය විද්‍යාවට අනුකූළ නොවන ව්‍යාජ පිළියම්ද එක්වීම වැඩිපුර දකින්නට ඇති තත්ත්වයක්. සමහරු තමන්ගෙ රුව ගැන ප්‍රතිකාර ලැබීම ප්‍රසිද්ධ වෙනවාට ඇති අකමැත්ත නිසා ඒවා රහසිගතව සිදුකරවා ගන්නට උත්සහ දැරීමෙන් ඒ ඒ අදාල ප්‍රතිකර්ම සිදුකිරීම සඳහා සුදුසුකම් නැති පුද්ගලයන් වෙතට එළැඹ විවිධ ප්‍රශ්න ඇතිකරගත් අ

Read More

උපන් සැම කෙනෙක්ම මරණයට පත්වන බව අප සියලු දෙනාම පාහේ දන්නා කරුණකි. උපතේ සිට මරණය දක්වා කාලය ඇතුළත අප මුහුණ දෙන සෞඛමය ගැටලුද විවධාකාරය. මේ අතර සෑම වසරකදීම අලුතින් ප්‍රතිකාර පතා රෝහලට එන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව පන්දහසක් ඉක්මවන වන තරමට අපේ රටේ පුද්ගලයින් වකුගඩු රෝගයට ගොදුරුව සිටියි. බොහෝ විට මෙසේ නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරුව සිටින්නේ පවුලේ ආර්ථිකය සරිකරන්නා විය හැකිය. එයින් එම පවුලේ දුවා දරුවන්ටද අති විශාල ආර්ථිකමය කඩා වැටීමකට මුහුණ දෙන්නට සිදුවන

Read More

උරහිස් වේදනා කය වෙහෙසවා වැඩ කරන ක්‍රියාශීලී පුද්ගලයන්ට බහුලව ඇතිවිය හැකියි. එවන් වේදනාවන් දැනුණු විට එයින් දැනෙන අපහසුතාවය මග හැරගන්නට බොහෝ දෙනෙකු අනුගමනය කරන්නේ කිසියම් වේදනා නාශක ආලේපනයක් ගල්වා පිරිමැද බැන්ඩේජ් පටියකින් වෙලා මද වේලාවක් තිබෙන්නට හැරීමත් සුළු වේදනා නාශකයන් ලබාගෙන යම් සහනයක් බලාපොරොත්තුවීමත් බව පැවසුවහොත් එය අසත්‍යයක් නොවෙයි. නමුත් එයින් තාවකාලිකව සහනයක් දැනුණාක් මෙන් ඔබට හැගී ගියත් එය ඔබේ මේ උරහිස් වේදනාවට ස්ථීර ප්‍රතිකාරයක් නෙවෙ

Read More

හිරිවැටීම්, කැක්කුම් සැමවිටම ආබාධමය තත්ත්වයක් හේතුවෙන් ඇතිවෙන්නේ යැයි ඔබ සිතුවත් ඒ හැම රෝග ලක්ෂණයක්ම පාහේ රෝගයක් සේ සැලකිය නොහැකි අතර ඇතැම් වි ඔබ ඒ මුහුණ දෙන්නේ ස්නායුවක ඇතිවූ ගැටලුවකට වීමට ඉඩ තිබේ.ස්නායු රෝග සුව කළ නොහැකි යැයි ඇතමුන් සිතා සිටියත් එය සත්‍යයක් නොවේ. ස්නායු රෝග සඳහා ප්‍රතිකාර කරන්නට ඉතාමත්ම ගැලපෙන සහ ප්‍රත්‍යක්ෂ ක්‍රමවේදයන් හෙළ වෙදකම සතුව පවතින අතර ප්‍රභලම ස්නායු රෝගයක් සේ සලකන පාකින්සන් යන රෝගයටද ආරම්භක හා මැදි අවදිවල යොමු කළ හොත

Read More

හිසකෙස් හැලී යාම වියපත්වූවන්ගේ ලක්ෂණයක් ලෙස අපි අතීතයේදී දැන හැඳින හිටියත් දැන් එය යොවුන් දරුවන්ගේත් සිදුවෙන බව දකින්නට පුළුවන්. එමෙන්ම තට්ටය පෑදුන පසු කිසිවක්ම කළ නොහැකි බව පවසා ඔබේ ගැටළුවට තවත් සංකීර්ණ මුහුණුවරක් සපයමින් ඔබේ ගැටලුව තම ආදායම් මාර්ගය කරගත් පිරිසක්ද අද බිහිවී තිබෙනවා. ඒ විවිධ තෙල් වර්ග ආහාර අතිරේක සහ විටමින් යැයි පවසමින් ඔබට වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවකින් තොරව නියම කරන කැප්සියුල වර්ග ආදිය වෙළඳ පොළට එක් කරමින්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.