saravita-anim2

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 2 hours ago

LATEST

ඩුබායිහිදී ලක්මව රිදියෙන් සැරසූ නෙත්මිකා

calendar_today 2024 අප්‍රේ 25 - 09:50 remove_red_eye - 164  

ඩුබායි හි පැවැත්වෙන ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රි ලංකාව නියෝජනය කළ නෙත්මිකා මදුශානී හේරත් කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගැනිමට සමත්වූවාය.ඇය මීටර් 13.01ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තාය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණ තිබේ.

Read More

ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවූ අනතුර අනුව එහි ඉදිරි සියලු තරග අත්හිටුවීමට තරග සංවිධායකයන් කටයුතු කර තිබේ.

Read More

දියතලාව නරියාකන්ද ධාවන පටයේදී පැවති ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් ඇති බව දියතලාව පොලිසිය පැවසීය.

Read More

මොනරාගල කුඹුක්කන පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ එච්.එම් චමෝදී ප්‍රබෝධා ක්‍රීඩිකාව 19 පහළ ශ්‍රීලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායඔමේ විශිෂ්ඨ දස්කම් දක්වා ඇත.

Read More

ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා වනිඳු හසරංග වෙනුවට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් සමඟ ගිවිසුම්ගතව තිබේ. වනිඳුගේ පාදයේ ආබාධය හේතුවෙන් ඔහුට මෙවර තරගාවලිය අහිමි වී තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව පිරිනමනු ලබන අයි.සී.සී. මාසයේ ක්‍රීඩක සම්මානයට අදාළව මාර්තු මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නමද නිර්දේශ වී තිබේ.

Read More

තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 49 බර පංතියෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්වූවාය.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 192කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති ‌‌දෙවැනි ටෙස්ට් තරගයද ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායම තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙසද ජය ග්‍රහණය කළේය.

Read More

තම පවුලේ හදිසි වෛද්‍ය අවස්ථාවක් හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගය අත්හැර දමා වහාම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

එංගලන්තයේ ලැන්කැෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් සහ 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් 14 දෙනෙකුගෙන් යුතු ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ දින 10 ක තරග සංචාරයක් සදහා 04/01 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

2024 ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලියේදී පිරිමි ශූරතාව කොළඹ ලවුපර් චෙස් ක්‍රීඩා රනිදු දිෂාන් ලියනගේ දිනා ගත්තේය.එහි කාන්තා ශූරතාව දිනා කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන දිනා ගත්තාය.

Read More

අනෙක් අන්තයෙන් ක්‍රිඩා කළ සියලුම පිතිකරුවන් දැවී යාම හේතුවෙන් තවත් ශතකයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට අද අහිමිව ගියේය.

Read More

සැමියා සමග රණ්ඩුවී සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගෙන ඇති දෙදරු මවක ඊයේ (30දා) මියගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි.

Read More

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ට ලකුණු 314ක් රැස් කරමින් ප්‍රභල ස්ථානයක සිටියි.

Read More

බංගලාදේශයට සමගින් පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට අහිමි වී තිබේ. ඒ ඔහුගේ පිට කොන්දේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙනි.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 328කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ‌ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා කරන විට තරගයේ ‌වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

Read More

ඉන්දියාවේ පැවති 09 වන අන්තර්ජාතික ජ්‍යෙෂ්ඨයින්ගේ ලෝක ශූරතා පාපන්දු ශූරතා තරගාවලියට පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ’’ ඕල්ඩ් බෙන්සන් ජ්‍යෙෂ්ඨ ’’ කණ්ඩායම , එම තරගාවලියේ ශූරතාවය දිනා ගෙන 03/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටින දඟ පන්දු යවන තුන් ඉදිරියව් ක්‍රීඩක වනිඳු හසරංග නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ. ඒ බංග්ලාදේශය සමගින් පැවැත්විමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් සංචිතයට ඔහු ඇතුළත් කරමිනි.

Read More

සත්කරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන තීරණාත්මක ‌තෙවැනි ඒක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 235ට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේදී ආබාධයකට ලක්වු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට තරගාවලියේදී ඉතිරි තරග මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මුල් තරග කිහිපයද අහිමි වී තිබේ.

Read More

ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙමින් සිටියි. ඒ අනුව ඊයේ දිනයේදී ඔහු මහනුවර දළඳා මාළිගාව වෙත් දළඳා වහන්සේගේ ආශීර්වාද ලබා ගැනිමට කටයුතු කර තිබුණි. ඔහු ලෙජන්ඩ්ස් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නායකත්වය දන්නේ යුවරාජ් සිංය.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස දෙරටට විවෘත විය.

Read More

එක්දින ක්‍රිකට් තරග වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිහිටවූ වැඩිම ලකුණු සබඳතාවට හිමි වාර්තාවට හිමිකම් කීමට චරිත් අසලංක හා පැතුම් නිශ්ශංක අද සමත්වූයේය.

Read More

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ව ටයිම්ඩ් අවුට් දැවී යාමකට ලක්කළ සිදුවීමෙන් දැන් ශ්‍රි ලංකාව ඉවත් විය යතු බව බංග්ලාදේශ වත්මන් නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ පවසයි.

Read More

බංග්ලාදේශය හා පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර දැක්වූ දක්ෂතාව තමන්ට ලසිත් මාලිංගව සිහපත් කළ බව ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් පවසයි.

Read More

මෙම තරගයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක්ද සමගින් ලකුණු 20ට කඩුලු පහක් දවා ගැනීමට සමත්විය. ඒ අනුව ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම විස්සයි 20 තරග තුනක් , ඒක්දින තරග තුනක් සහ ටෙස් තරග දෙකක් ක්‍රීඩා කිරීම සඳහා පසුගියදා ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශය බලා පිටත් වියවිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.