2019 නොවැම්බර් 19 වන දින ශ්රී ලංකාවට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (21දා) හම්බන්තොට වරායෙන් පිටත් විය.
එහිදී, ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.
නෞකාව මෙරට රැදී සිටි කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් රැසක් සඳහා සහභාගී වන ලදී.
මෙම සුහද සංචාරය මගින් ශ්රී ලංකා සහ රුසියානු නාවික හමුදාවන් අතර, සුහදතාවය වර්ධනය කිරීම මෙන්ම දැනුම සහ අත්දැකිම් හුවමාරු කර ගැනිමට ද ඉවහල් වූ බව ශ්රී ලංකා නාවික හමුදාව නිවේදනය කරයි.