හොරණ නගරයේ ප්‍රධාන වෙළඳසැල් හතරක සේවක සේවිකාවන් 26 දෙනෙක් අද දින (30) ස්වයං නිරෝධායනය යොමුකළ බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා පවසයි.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රාජකාරි සඳහා අනියුක්තව සිටි හොරණ කඳන ප්‍රදේශයේ යුධ හමුදා නිලධාරියෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ පසුගියදා ඔහු හොරණ නගරයට පැමිණ අවශ්‍යතා ඉටු කර ගත් හොරණ නගරයේ ප්‍රධාන වෙළඳසැල හතරක් හොරණ නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අද මුද්‍රා තැබිණි .
මෙම හමුදා නිලධාරියා පසුගිය දිනවල මෙරට පැමිණි විදේශීය ශ්‍රමිකයන් හැසිරීම සම්බන්ධව කටයුතු කර ඇත .
එහිදී මෙම රෝගයට ඔහු ගොදුරු වී ඇතැයි සැලකේ . මේ වන විට ඔහු කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබයි .ඔහුගේ බිරිඳ දරුවා ඇතුළු පවුලේ සියලු දෙනාද නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර ඇත.කෙසේ වෙතත් ඔහු හොරණ නගරයේ ඉහත ස්ථානවලට පැමිණීමේ දී සෞඛ්‍ය ආරක්ෂිතව කට යුතු කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසීය.
නිරෝධායනය කරන ලද සේවක සේවිකාවන්ගේ පී .සි. ආර්. පරීක්ෂණ සිදුකිරීම ලබන සදුදා සිදු කරන බවත් ,මෙම සිදුවීම් පිළිබඳව වැඩි අවධානයකින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසීය
මංගල එදිරිසිංහ