පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා අද (18) කොළඹ මහාධිකරණයට ප්රතිශෝධන ඇයැදුම්පතක් ඉදිරිපත් කළේය.
හේමසිරි ප්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය නීතිවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ මෙන්ම අන්තනෝමතික බව සඳහන් කරන නීතිපතිවරයා මහේස්ත්‍රාත්වරියගේ නියෝගය ප්‍රතිශෝධනය කරන තුරු සැකකරුවන්ට ඇප නියම කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් ඇප නියෝගය අත්හිටුවන ලෙසටද ඉල්ලීමක් කොට ඇත.
මහේස්ත්‍රාත්වරියගේ නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති මෙම ප්රතිශෝධන ඇයැදුම්පත්රය සලකා බැලූ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මෙම ප්රතිශෝධන ඇයැදුමපත්රය ලබන 23 වැනිදා කැඳවීමට නියම කළේය.
සැකකරුවන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා සිටින නීතිපතිවරයා ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නියෝගය වැරදි බව පෙන්වා දෙමින් එක් එක් කරුණු වෙන වෙනම මහාධිකරණයට ඉදිරිපත් කොට ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර නොගැනීම විධිමත් නොවන බව මහේස්ත්‍රාත්වරියගේ නියෝගයේ සඳහන් කරුණ නීතීවිරෝධී මෙන්ම නීතිය වැරදි ලෙස වටහා ගෙන ඇති බවද ප්රතිශෝධන ඇයැදුම්පතේ සඳහන් කරන නීතිපතිවරයා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නෛතික වගකීමක් නොමැති බවද ප්රතිශෝධන ඇයැදුම්පතේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ සිද්ධිමය කරුණු අනුව මීනීමැරිමේ චෝදනා බැහැර කරමින් මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය නීතිවිරෝධි බව පෙන්වා දෙන නීතිපතිවරයා මිනිසුන්ගේ මරණය සිදුවිය හැකි බව හෝ මරණය සිදුවිය හැකි ශාරීරික පාඩුවක් සිදුවිය හැකි බවට අන්තරාදායක හා භයානක නිශ්චිත තොරතුරු, සැකකරුවන්ගේ නම්, ප්‍රහාර එල්ලවන වේලාවන් සහ ක්‍රමවේදයන් පිළිබඳව දැනුමක් තිබියදී ඒ අනුව ක්‍රියානොකිරීම හා සම්පුර්ණයෙන්ම නොසලකා හැරීම තුළින් අවාසනාවන්ත අන්දමින් මනුෂ්‍ය ජීවිත සිය ගණනක් බිලි ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එල්ල වන මිනිමැරුම් චෝදනා ඇතුළු අනෙකුත් චෝදනා බැහැර කිරීම නීතීවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ හා අන්තනෝමතික බව ප්රතිශෝධන ඇයැදුම් පතේ සඳහන් කොට ඇත.