බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට දිනයේදී විශේෂයෙන් සවස 2.00න් පමණ පසු උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.