වනාන්තරයෙන් අල්ලා ගන්නා ලද අලි පැටවෙකු නීති විරෝධී ලෙස තම සන්තකයේ තබා ගැනීම වෙනුවෙන් හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිව නඩු පැවැරීමට නීතිපති කටයුතු කර තිබේ.
හිටපු මහේස්ත්‍රාත්වරයා ඇතුළු සිවු දෙනෙකුට එරෙහිව නීතිපතිවිසින් කොළඹ මහාධිකරණයේ චෝදනා 25ක් යටතේ නඩු පවරා තිබේ.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු වන ජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඇතුළු 25ක් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවත් නීතිපති සඳහන් කර තිබේ.