හදුනා නොගත් මත් කුඩු වර්ගයක් සහ තෙල් වර්ගයක් තමන් සන්තකයේ තබාගෙන සිටිය දි පොළොන්නරුව කදුරුවෙල බස් නැවතුම් පොළෙහි සිටියදි ඉන්දියන් ජාතිකයෙකු ඊයේ (18) දින රාත්‍රියේ දි අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සංචාරක විසා ලබාගෙන මෙරටට පැමිණි ඉන්දියාවේ බැංගලෝර් වල පදිංචි කුච්චි ප්‍රභූදේවා නැමැති (35) හැවිරිදි අයෙකි.
මොහු සතුව හදුනා නොගත් මත් කුඩු වර්ගයක් සහ තෙල් වර්ගයක් තිබි ඇති අතර අත්අඩංගුවට පත් ද්‍රව්‍ය හා පුද්ගලයා පොළොන්නරුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොළොන්නරුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්. එස්. එම්. ජරැල් මහතා පවසා සිටියි.
හිගුරක්ගොඩ - ඩබ්.ලිව් පියතිලක