හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 14 කින් පාර්ලිමේන්තුවේදී අද (24දා) සම්මත වූයේය.
යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද 8 ක් පමණි.
එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජානතා නිදහස් සන්ධානයේ මන්ත්රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය ප්රකාශ කළහ.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන් 8ක් විරුද්ධ ඡන්ද ප්රකාශ කළේය.
ඡන්දය විමසන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරුන් කිසිවෙකුත් සභාවේ සිටියේ නැත.