සෑම ශ්‍රී ලාංකිකයෙක්ම නව ගමනේ කොටස්කරුවන් බවත් මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන ගිය අයුරින් සාමකාමීව, විනයගරුකව ජයග්‍රහණය සමරන ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
“අප ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ගමනක් ආරම්භ කරන විට, සියලු ශ්‍රී ලාංකිකයන් මෙම ගමනේ කොටස් කරුවන් බව අප මතක තබා ගත යුතුය. අපි මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන ගිය ආකාරයෙන්ම ගෞරවාන්විතව හා විනයගරුකව සාමකාමීව ප්‍රීති වෙමු”