යතුරුපැදියකින් හෙරෝයින් මත්කුඩු ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මතුගම වෑත්තෑව ඇල්ල පාර හන්දිය අසලදි අත්අඩංගුවට ගැනිමත් සමඟ පොලිස් කොස්තාපල්වරයෙකුට උදැල්ලකින් පහර දි යතුරුපැදිය දමා පළා ගොස් ඇතැයි මතුගම පොලීසිය පවසයි.
තුවාල ලද පොලිස් කොස්තාපල් පියල් මහතා වෑත්තැව රජයේ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
සැකකරු සන්තකයේ තිබි හෙරෝයින් මිලිග්රැම් දෙදහස් හත්සිය හතක් පහර දිමට යොදා ගත් උදැල්ලක්,සැකකරු පැදවු යතුරුපැදිය පොලිසිය විසින් සොයා ගත් බව පොලිස් නිලධාරියෙකු පැවසිය.
සැකකරු සිදු කළ පහර දිමෙන් අසල නවතා තිබු වෑන් රථයක ඉදිරිපස විදුලි ලාම්පුවකටද හානි වි ඇති බව පොලීසිය පවසයි.
මෙම සැකකරු මිට පෙරද ගංජා හා හෙරෝයින් වලට හසුවි වරදකරුවෙකු වු අයෙකු බව පොලිසිය හදුනා ගෙන ඇතැයි ප්රකාශ කරයි.