ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගන්වා ඇතැයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බුද්ධි අංශ වාර්තාවක් යැයි පැවැසෙන ලිපිය අසත්‍යක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.
රාජ්‍ය බුද්ධි අංශ ස්වාධීන ආයතනයක් ලෙස ජනපතිවරණයට අදාළව කිසිම සමීක්ෂණයක් සිදුකර නොමැති බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එසේම අදාළ ව්‍යාජ ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.