දෙහිවල පිහිටි සම්පත් බැංකු ශාඛාවකදී සිදු වූ සිද්ධියෙන් පසු සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි පැවසූ බවට වන ප්‍රචාරයන් අසත්‍ය බව එම සභාව සඳහන් කරයි.
මෙරට මුස්ලිම්වරුන්ගේ පැරණිතම සංවිධානයක් වන තම සංවිධානයේ නම භාවිත කරමින් ව්‍යාජ ප්‍රචාරයන් කරන අයගෙන් ප්‍රවේශම් වන ලෙසද ඔවුන් දන්වා සිටියි.