පාර්ලිමේන්තු මන්ත්රී ජයම්පති වික්රමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා වෘත්තීය සමිති නායකයෙකු වන සමන් රත්නප්රිය මහතා පත්කර තිබේ.
ඒ මහතාගේ නම හෙට (23දා) මැතිවරණ කොමිෂමට දැනුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
ජාතික ලයිස්තු මන්ත්රී ධුරයක් නියෝජනය කළ ජයම්පති වික්රමරත්න මහතා අද (22) එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.