බළන්ගොඩ සමනලවත්ත ප්රදේශයේ අවු 10ක් පමණ වයසැති පිරිමි දරුවෙකු දින දෙකක සිට අතුරුදන්ව ඇතැයි බළන්ගොඩ පොලීසිය සඳහන් කරයි.
සිය දරුවාගේ පියා දර කැඩීම සඳහා නිවස අසල වනයකට ගොස් ඇති අතර පාසල නිමා වී නිවසට පැමිණි දරුවා පියා පිළිබඳ තොරතුරු විමසූ බවත් එහිදී ඔහු දර කැඩීමට ගිය බව තමා පැවසූ පසු දරුවාද පියා සොයා වනයට ගිය බවත් අතුරුදන් වූ දරුවගේ මව (20දා) පොලීසියට පවසා තිබේ.
අනතුරුව ගම්වාසීන් සහ පොලීසිය එක්ව දින දෙකක සිට දරුවා සොයා මෙහෙයුම් සිදුකළද කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ අතර නිවස අසල වනයේ දිවියන් ගැවසෙන බවත් අතුරුදන් දරුවා ඔවුන්ගේ ගොදුරක් වූවාදැයි සැක පහළ වන බවත් පොලීසිය සඳහන් කරයි.
දරුවාගේ අතුරුදන් වීම පිළිබඳව මේ වන විට රත්නපුර වේවැල්වත්ත පොලිසීය සහ බළන්ගොඩ පොලිසීය එක්ව මෙහෙයුම් දියත් කොට තිබේ.
බළන්ගොඩ රෝහණ වසන්ත