අද රාත්‍රී 11.00 සිට සඳුදා අලුයම 4.00 දක්වා දිවයින පුරාම සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇති අතර එහිදී අවසර ලැබෙන කාර්යයන් හා අවසර නොලැබෙන කාර්යයන් පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිලි කිරීමක් කළේය.
සියලුම කඩ සාප්පු, සුපිරි වෙළඳසැල් වසයි.
වියළි ආහාර ද්‍රව්‍ය ඇණවුම් ලබාගෙන ඩිලිවරි කරන්න පුළුවන්.
ආහාර අලෙවි සැල් විවෘත නොකර ඩිලිවි සේවා පවත්වාගෙන යන්න පුළුවන්.
ඖෂධ හල් විවෘත කිරීමට හැකියාවක් තිබෙනවා.
ටැක්සි රථ, කුලී රථ ධාවනය කිරීමට නොහැකියි.
පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙන්නේ නෑ.
රෝහල් ගතවීමකට තමාගේ රථයකින් හෝ කුලී රථයකින් ගමන් කළ යුතු වෙනවා.
මැනිං පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘතයි.
වෙනත් ප්‍ර දේශවලින් එම ස්ථානවට ප්‍රවානය කළ හැකි වුවත් එම ස්ථානවල සිල්ලර වෙළඳාමට අවස්ථාව නොමැති අතර තොග වෙළඳාමට අවස්ථාව තිබේ.
මාර්ග සංවර්ධන කටයුතු සිදුකිරීමට පමණක් අවස්ථාව තිබෙනවා.
ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ආයතන ජෛව බුබුළු සංකල්පයෙන් විවෘත කිරීමට අවස්ථාව තිබෙනවා.
සෞඛ්‍ය, ජලය, විදුලිය, සන්නිවේදනය, මාධ්‍ය පුද්ගලික ආරක්ෂක සේවා සඳහා රාජකාරී හැඳුනුම්පත භාවිත කර ගමන් කළ හැකියි. සේවය අවශ්‍ය බවට සනාථ කළ යුතුයි.
විදෙස් ගතවීම් සඳහා අවසර ලැබෙනවා.
ආහාර ඖෂධ සත්ව ආහාර නිෂ්පාදන කටයුතුවල යෙදිය හැකියි.
තම වත්තේ පිටියේ කුඹුරේ කෘෂිකාර්මික කටයුතු සිදුකිරීමට අවස්ථාව තිබෙනවා.
හැඳුනුම්පතේ අංක ක්‍රමය මෙම දින තුනට අදාළ වෙන්නේ නෑ.