චීනයේ කොරොනා වෛරසය හේතුවෙන් මේ වන විට චීනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරයෙන් අවධානය යොමුකර තිබේ.
වෛරසය ව්‍යාප්ත වූ බව පැවැසෙන වූහන් නගරයේ අධ්‍යාපන කටයතු සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන් 30කට වැඩි පිරිසක් එහි රැදී සිටින බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් වූහන් නගරයට ඇතුළුවීම හා පිටවීම තහනම් කර ඇති හෙයින් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ඉන් පිටතට ගැනීම අසීරු කාර්යයක් වී තිබේ.
මේ අතර චීනයේ විවිධ ප්‍ර දේශවල රැදී සිටින ශ්‍රී ලංකා සිසුන් ඇතුළු පිරිසක් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලීම් කර තිබේ.