ජුලි මස සිට පන්ලක්ෂයකට අධික විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් වෙන බවත් ඒ අනුව රජයේ විශ්රාමිකයෙන්ගේ විශ්‍රාම වැටුප් රුපියල් 2800 සිට රුපියල් 20000 අතර අගයකින් වැඩිවන බවත් මුදල් අමාත්‍යාංශ නිවේදනය කරයි.
2019 අයවැය යෝජනා අනුව මෙම විශ්‍රාම වැටුප් වැඩිවීම සිදු කෙරෙයි.
ඒ අනුව 2015/12/31ට පෙර විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් 500000ක පමණ වැටුප් විෂමතා මේ හරහා ඉවත් වෙනු ඇත.
කාර්යාල කාර්ය සහායක පළමු ශ්‍රේණියේ විශ්‍රාමිකයෙකුට රුපියල් 2800කින් විශ්‍රාම වැටුප් වැඩිවන අතර අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ විශ්‍රාම වැටුප රුපියල් 20000කින් වැඩිවීමට නියමිතව තිබේ.
මෙම විශ්‍රාම වැටුප් වැඩිකිරිම සඳහා රජය අයවැය මගින් රුපියල් මිලියන 12000ක් වෙන්කර ඇති බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.