විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධි සිසුන්ගේ අයදුම්පත් කැඳවීම මාර්තු පළමුවනදා සිට ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා තාක්ෂණ හා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යතුමන් ඊයේ (23 ) විවෘත විශ්වවිද්‍යාලයෙ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා ඇතුළු ආචාර්ය මහාචාර්යවරු පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත්විය.
ඒහිදී දැනට නතරව තිබෙන නීතිවේදී උපාධිය අද ලෝකය හා වෙළඳපළට ගැළපෙන අයුරින් සකස් කිරීමටත් ලබන මාර්තු පළමුවෙනිදාට පෙර අයදුම්පත් කැඳවීමටත් එකඟතාවට පැමිණි අතර මෘදුකාංග ඉංජිනේරු උපාධිය හඳුන්වා දී විශ්වවිද්‍යාල වරම් නොලත් සිසුන් 40,000ක් බඳවා ගැනීමටත් සාකච්ඡා විය.