නිරෝධයන මධ්‍යස්ථාන වල ඉඩකඩ සීමා වීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කරන බව කාර්මික අපනයන ආයොජන ප්‍රවර්ධන ,සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා සදහන් කළේ මෙම තාවකාලිකව නතර කිරීම ක්‍රියාත්මක වන්නේ ලබන අගහරුවාදා (14) සිට බවයි.
කෙසේ වෙතත් තත්ත්වය සමනය වූ වහාම නැවත විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීමේ කටයුතු ආරම්භ කරන බව ද ඔහු සදහන් කරයි.
අද (12) බියගම ප්‍රදේශයේ පැවති මැතිවරණ රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා ,
“ නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ නොමැති නිසා විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කරන්න තීරණය කරලා තියෙනවා. නමුත් මේ තත්ත්වය මග හැරුණු වහාම නැවතත් විදෙස්ගත ශ්‍රමිකයන් නැවත දිවයිනට ගෙන්වීමේ කටයුතු නැවත ආරම්භ කරනවා. මේ තත්ත්වය තුළ ගුවන් තොටුපළ විවෘත කිරීම තවදුරටත් කල් යන්න ඉඩ තියෙනවා. පවතින රටේ තත්ත්වය නිසා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා.
විදෙස්ගත ශ්‍රමිකයන් සියලු දෙනා ශ්‍රී ලංකාවට ගෙන්වන්න ඕනේ කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ජනාධිපතිතුමා අපට උපදෙස් දීලා තියෙන්නේ මේ සියලු දෙනා ලංකාවට ගෙන්න ගන්න කටයුතු කරන් කියලා. ඒ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ. මේ වෙනකොට විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට වැඩි පිරිසක් දිවයිනට ගෙන්වා තිබෙනවා. ඒ අය ගෙන්වන්නේ නිරෝධයන නීතිරීති වලට අනුවයි.
කොවිඩ් 19 රටපුරා පැතිරෙනවානම් ඒ ගැන වැඩිපුරම සතුටු වෙන්නේ මේ රටේ විපක්ෂය. මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබන නිසා කොරෝනා වල පිහිටෙන් හරි මැතිවරණට නතර කරගන්න විපක්ෂය ඇගිලි ගැන ගැන ඉන්නේ. ජනාධිපතිතුමාත්, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එක්වෙලා තත්ත්වය පාලනය කරමින් තිබේ. විදේශ රටවල ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන් අපි ශ්‍රී ලාංකිකයන් ලෙස සලකනවා. ඒ අයව ලංකාවට ගෙන්ව ගන්න කටයුතු කරන බවට අපි සහතික වෙනවා. සෞඛ්‍ය අංශ උපදෙස් අනුවයි අපි මේ කටයුතු කරන්නේ.
මේ වන විට රටේ මතු ව තිබෙන තත්ත්වය දෙවන කොරෝනා රැල්ලක් ලෙස තාම සෞඛ්‍ය අංශ හදුන්වන්නේ නෑ. නමුත් අපි ඒ මතුව තිබෙන කොරෝනා තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. දැනට කන්දකාඩු මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර හදුනගෙන ඊට සම්බන්ධ අය නිරෝධායනයට ලක් කරන්න කටයුතු කරමින් තිබෙනවා. සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගන්නවා.”