දෙවන පාසැල් වාරයේ අධ්‍යයන කටයුතු ඉකුත් 13 දා ආරම්භ විමෙන් පසු මොණරාගල සෙවනගල සෝමාදේවි ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයට තර්ජනාත්මක පණිවිඩයක් එවන ලද කාන්තාවක් ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව සෙවනගල පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් මෙම කාන්තාව සෙවනගල මහගම ජනපදයේ පදිංචිකාරිණියක් බව අනාවරණය වි ඇ
මෙම කාන්තාව “අද හත්පෝරුව සෝමාවති මහ විද්‍යාලයට ගහනවා පුළුවන් නම් බේරා ගනින්” යනුවෙන් විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයට එදින පාසැල ආරම්භ කිරිමෙන් පසු එස්.එම්.එස් පණිවිඩයක් එවා තිබුණ බව සෙවනගල පොලීසිය කියයි.
මෙම තර්ජනාත්මක පණිවිඩය හේතුවෙන් බියට පත් විදුහලේ විදුහල්පතිවරයා හා ගුරු පිරිස මේ පිළිබඳව සෙවනගල පොලීසියට පැමිණිලිකර අධ්‍යාපන බලධාරින්ද දැනුවත් කර ඔවුන්ගේ උපදෙස් මත එදින මෙම පාසැල වසා දැමිමටද කටයුතු කර තිබුණි.
පොලීසිය පවසන්නේ දෙවන වාරයේ පාසැල් ආරම්භ වු ඉකුත් 13 දා පාසැල් වලට කිසියම් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ප්‍රචාරයක් සමාජය තුළ පැවතිම නිසා මෙම පාසැලේ දරුවන්ගේ දෙමවුපියන්ද මෙම සිද්ධියෙන් කැළඹිල්ලට පත් වු බවයි.
මේ සම්බන්ධයෙන් මොණරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල,සහකාර පොලිස් අධිකාරි ඩි.පි.යු අමරතුංග යන මහතුන්ගේ උපදෙස් හා නියෝග මත සෙවනගල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක යු.එම් අමරසිරි මහතා විසින් මෙම සිද්ධියට සම්බන්ධ බව කියන කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර කාන්තාව අද (24) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවිමට නියමිතව තිබුණි.
සෙවනගල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.