ජුලි මස 20 දා දක්වා දිවයිනේ නිරිත දිග කොටසේ හා දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත හා දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි හා සුළං තත්ත්වය වැඩිවීමට ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එතෙක් දිවයිනේ අහස වළාකුලින් බරව පවතින බවත් අද පෙරවරුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අද දිනයේදී බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව හා වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළංද සෙසු ප්‍රදේශවල විටින් විට පැ.කි.මි. 40-50 පමණ තරමක තද සුළංද ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම හා සබරගමුව පළාත්වලත් කලුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක්ද, කොළඹ හා ගම්පහ දිස්ත්‍රිත්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.