නව මෙහෙයුම් ති‍්‍රත්වයක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උපසභාපති හාර්ට්විග් ශේෆර් මහතා පවසයි.
අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ දී උපසභාපතිවරයා මේ බව ස`දහන් කළේය.
හදිසි කාලගුණික වෙනස්වීම්වලට මුහුණ දී සිටින කාෂිකාර්මික ක්ෂේත්රය සහ වාරි කර්මාන්තය පුනර්ජනනීය බලශක්ති, කාලගුණික ප්රත්යස්ථිත මෙහෙයුම් හා ග්‍රාමීය ප්‍රදේශවල වැව් ප්‍රතිසංස්කරණය ස`දහා සහය වීම මෙම නව මෙහෙයුම් ති‍්‍රත්වයට ඇතුළත්ය.
පාස්කු ඉරිදා ප්‍රහාරය හා ආර්ථිකය කෙරෙහි එහි බලපෑම පිළිබ`දව අදහස් දක්වමින් හාර්ට්විග් ශේෆර් මහතා කියාසිටියේ සවිමත් ආර්ථික පදනමක් මත පිහිටා ශ්‍රී ලංකාවට අඛණ්ඩවම ගෝලීය ණය ආධාර ලබා ගැනීමට හැකිවන පරිදි අයවැය පරතරය අවම කර ගැනීම ස`දහා ලෝක බැංකුවේ මුල්‍යමය සහය ලබා දෙන බවයි.
දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය වෙනුවෙන් මෙහිදී ලෝක බැංකුව වෙත සිය කෘතඥතාවය පළ කළ ජනාධිපතිතුමා අපේ‍්‍රල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මුහුණු දීමට සිදුවූ අභියෝග ජය ගැනීමට ලෝක බැංකුව විසින් ලබාදුන් සහාය පිළිබ`දව ද ස්තුතිපූර්වකව සිහිපත් කළේය.
මෙම කනගාටුදායක සිදුවීමෙන් පසු ශ්‍රී ලංකාව කඩිනමින් යථා තත්ත්වයට පත්වීම පිළිබ`ද සිය සතුට පළ කළ උප සභාපතිවරයා ස`දහන් කළේ සියලූ අසීරු අවස්ථාවන්හි ගෝලීය ප්‍රජාව ශ්‍රී ලංකාව සමග එක්ව සිටින බවයි.
ලෝක බැංකු කලාපීය ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ හමුවේ ප්‍රධානත්වය දැරීමට දිවයිනට පැමිණ සිටින ශේෆර් මහතා මෙහි දී වැඩිදුරටත් ස`දහන් කළේ ලෝක බැංකුව සිය වාර්ෂික සැසිය පැවැත්වීමට ශ්‍රී ලංකාව තෝරා ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරයෙන් පසු නැගී සිටීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහයෝගය දැක්වීමක් ලෙස බවයි.
ශ්‍රී ලංකාව මේ වන විට ඉහළ මධ්‍ය ආදායම් ලබන රටක් බවට පත්ව තිබීම පිළිබ`ද සිය සතුට පළ කළ උප සභාපතිවරයා අභියෝග හමුවේ නොසැලී නැගී සිටීමේ ශ්‍රී ලංකාව සතු සුවිශේෂී ගුණාංගයට එය මහ`ගු සාක්ෂියක් බව ද කියා සිටියේය.
කෂිනි හපුආරච්චි