පුත්තලම කුරුණැගල මාර්ගයේ කොට්ටුකච්චිය විද්‍යාලය ආසන්නයේ ඊයේ (14දා) රාත්‍රියේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක් නවතා තිබු ටිපර් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදිම මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ කොට්ටුකච්චිය වඩත්ත ප්‍රදේශයේ පදිංචි සුපුන් ප්‍රසාද් හා ඉෂාර කසුන් නැමති අවුරුදු 25 සිමාවන් වල පසුවු තරුණයින් දෙදෙනෙකි.
අනතුරට හේතුව අධික වේගය බව පොලීසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ