ලොරි රථයකින් කේරළ ගංජා කිලෝ 203 ප්රවාහනය කළ සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (20දා) අලුයම 3.00ට පමණ පරයානකුලම්, ආඬියාපුලියන්කුලම ප්ර දේශයේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 20කට අධික බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අවුරුදු 63ක් වන අඩම්පන්හි පදිංචි 63 හැවැරිදි දේවදාස් නැමැත්තෙකි.
සැකකරු අද (20දා) වව්නියාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.