වෙනත් පුද්ගලයෙකුට අයත් ඉඩමක් ව්‍යාජව ලබාගෙන ඒ සඳහා වංචනිකව ඔප්පු සකස්කර වෙනත් පුද්ගලයෙකු අලෙවි කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිස්වාන් බද්යුදීන් මහතාගේ සොහෙයුරෙකු වන රිෆ්ඛාන් බද්යුදීන් මහතා එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරු අද (23දා) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථවේදී මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
අක්කර 78ක ඉඩමක් ලක්ෂ 492කට අලෙවිකර බවට ඔහුට චේදනා එල්ල වී තිබේ.