පසුගිය රජය ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම මගින් රාජ්‍ය සේවකයිනේ වැටුප් වැඩිවීම් සහ විශ්‍රාම සේවකයින්ගේ විශ්‍රාම වැටුප් වැඩිවීම් සඳහා මුදල් වෙන්කර නොමැති බැවින් එම සියළු වැටුප් වැඩිවීම් අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (23දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රජයේ සේවකයින්ගේ වැටුප් විශමතා ඉවත් කිරීමට වත්මන් රජය ඉදිරියේදී පියවර ගන්නා බවත් එසේ උවද එම ක්‍රියාවලිය සඳහා ගතවන කාලය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද අමාත්‍යවරයා කීවේය.
රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම් , විධායක ශ්‍රේණි නිළධාරීන්ගේ දීමනා වැඩිවීම් සහ විශ්‍රාමිකයින්ගේ වැටුප් වැඩිවීම් අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 27/(2) යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.