රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීම සඳුදා දිනයේදී සිදුකරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
ජනපති කාර්යාලයේදී නව ඇමති මණ්ඩලය අමතමින් ඔහු මේ බව පැවැසීය.
"සඳුදා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙනවා. 19 වැනි සංශෝධනයේ සීමා ඇතුළේ තමයි අමාත්‍ය මණ්ඩලය ලබාදෙන්න පුළුවන් වෙන්නේ.
ඇමති මණ්ඩලය පත්කිරීමේදී පවා 15 දෙනෙකු තෝරා ගැනීමට අපහසුතාවක් තිබුණා. අද වඩාත් වැදගත් වන්නේ අපි ඉදිරියේ තිබන අභියෝග ජයගන්නයි.
මේ සඳහා මටත් අගමැතිතුමාටත් සම්පූර්ණ සහාය දෙන්න. ඉදරි මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන්නට අවශ්‍යයි. ඒ සඳහා තමුන්නාන්සෙලාගේ සහාය ඉල්ලා සිටිනවා."