එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද (29දා) පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.
විපක්ෂනායක කාර්යාලයේ අද (29දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.
එක්සත් ජාතික පක්සයේ නායකත්වය සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.