මේක බෞද්ධ රටක් බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වගේ ඉන්න බුදු හාමුදුරුවොත් මහා සංඝරත්නයත් අපි හිස් මුදුනින් පිළිගන්න පිරිසක්"මහා සංඝරත්නයට අපහාස කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට විරුද්ධ විනය පරික්ෂණයක් සිදුකිරිමට අගමැතිවරයා මෙවන විටත් ක්‍රියා කරමින් සිටින බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි.හැරිසන් මහතා පවසයි.
ඊයේ (17) අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීහිපයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නයටත්, බුද්ධාගමටත් අගෞරවයක් වන ආකාරයට සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම හෙළා දකිනවා. මේක බෞද්ධ රටක්. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ තමයි මහා සංඝරත්නය. ඒ නිසා රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාක්ෂිකයෙක් ලෙස මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා සිටිනවා.
පසුගිය කාලයේ මහා සංඝරත්නයේ උපදෙස්, අවවාද අනුශාසනා නොතකා දළදා මාලිගය ඉදිරිපිට රේස් පැද්දා. ඒ තත්ත්වයට පත් නොවන්නටයි ජනතාව මේ රජය පත් කළේ. මේ හේතුන් නිසා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විරුද්ධව අගමැතිවරයා විසින් විනය පරික්ෂණයක් ඉදිරියේ දි සිදු කරනු ඇතැයිද අමාත්‍ය පි.හැරිසන් මහතා මෙහිදි පැවසිය.
මනෝ ගනේෂන් මහතාගේ ප්‍රකාශයට මාධ්‍යවේදින් හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා,
එතුමා කිව්වේ යූඇන්පී එකේ කණ්ඩායම් අතර විවිධ මත ගැටුම් වගේ තියෙනවා.ඉතින් ඒක ඉක්මනට ඉවර කරන්න කියලා. ඉතින් මත ගැටුමක් නෑ විවිධ අදහස් දරනවා ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්. ඉතින් මේ ජනාධිපති මැතිවරණයකට තව මාස පහ හයක් තියෙනවා. ඒ නිසා අපි කිව්වේ ජනාධිපතිතුමා ජනාධිපති මැතිවරණයක් ගැසට් කරන්න ඕන ගැසට් කරාට පස්සේ අපි අපේ අපේක්ෂකයා කියන්නම් කියලා. අපේක්ෂකයා තෝරා ගැනීමේදී එක්සත් ජාතික පක්ෂය විතරක් නෙවෙයි එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායමත් එක්ක ඒ වගේම අපට උදවු දෙන අනෙකුත් පක්ෂ එක්කත් අපි ඔක්කොම පොදු තීන්දුවක් අරගෙන අපි අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරන කල් විවිධ තැන්වල එක එක කතා කියනවා. ඉතින් ඒක නිසයි එතුමා ඒ විදියට කතා කෙරුවේ .