දඹුල්ල - මාතලේ ප්රධාන මාර්ගයේ 59 වැනි සැතපුම් කණුව අසල පනම්පිටිය, ලෙනදොර ප්රදේශයේදී අද (23දා) අලුයම යතුරුපැදියක් සහ වැලි ප්රවාහනය කළ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි දඹුල්ල පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතලේ, නාලන්ද ප්රදේශයේ පදිංචිව සිටි ඉරේෂ් තිළිණ (අවු.24) නමැත්තෙකි.
මාතලේ සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථ රියදුරුගේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය හේතුවෙන් දඹුල්ලේ සිට මාතලේ දෙසට ගමන් කරමින් සිටි යතුරුපැදයේ මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ටිපර් රථ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
එස්. කරුණාරත්න