ජනතාවට හොඳ කාලයක් ගෙනත් දෙන්න වැඩකටයුතු කරගෙන යන බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසිය .
මාතර , දෙණියාය ප්‍රදේශයේ ඊයේ (14) පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවසිය .
එහිදි අදහස් පළකල ඒ මහතා ,
“අපේ රජය ශක්තිමත් අඩිතාලමක් දාලා තිබුණ නිසා , අධිකරණය ස්වාධින කරලා තිබුණ නිසා , පොලිස් කොමිසන් දාලා ඒවත් ස්වාධින කරලා තිබුණ නිසා , පසුගිය කාලයේ අපෙන් රජය ගත්ත වේලාවේ සාධාරණ විසඳුමක් ලැබුණා . නිවැරදිව රජයට රට පාලනය කරන්න ඉඩ ආයේ දුන්නා . දැන් ආයේ වතාවක් විශ්වාසභංගයක් ආණ් ඩුවට එරෙහිව ගෙන ආවා . එයත් අපි පරාජය කරා . මොනදේ වුණත් ජනතාවට ගෙනත් දෙන්න තියෙන සංවර්ධනය අපි ගෙනත් දෙනවා . කාටවත් කකුලෙන් ඇදලා නතර කරන්න ඉඩ දෙන්නෙ නැහැ . ඒ වගේම කියන්න ඕන අපි වැඩ කරන්නෙ ජන්ද බලාගෙන නෙමෙයි . අපි ගොඩනගපු පදනම උඩ ජනතාවට හොඳ කාලයක් ගෙනත් දෙන්න . මේ රටේ සියලූ පුරවැසියන්ට ඒ කාලය ගෙනත් දෙන්න අපි වැඩකටයුතු කරගෙන යනවා.
ඒ වගේම නිලධාරින්ට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න රජයක් විදියට අවස්ථාව සලසලා තියෙනවා . ජනතාව වෙනුවෙන් හරි දේ කරන්න ඕන . අපි රජයක් විදියට රටේ දරුවන් වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමයි මේ සංවර්ධන වැඩකොටස් කි‍්‍රයාවට නංවන්නේ , ඒ නැත්නම් මේ රටේ දරුවන්ට අනාගතයක් නැහැ ’’ යැයි රත්නායක මහතා වැඩිදුරටත් පැවසිය .
මාතර - මහේෂ් මලවරආරච්චි