මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවෙල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යාහැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ නිසා මේ මස 20 වැනිදා දක්වා එම ප්‍රදේශවල ගැඹුරු හා නොගැඹුරු මුහුදු සීමාවේ ධීවර කටයුතු කිරීමෙන් වළකින ලෙස ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය පිළිබඳ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කර තිබෙන බවත්, යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් 117 දුරකථන අංකය ඔස්සේ භාෂා තුනෙන්ම තොරතුරු ලබාගත හැකි බවත්, තොරතුරු ලබාදීමටද එම දුරකථන අංකය භාවිත කළ හැකි බවත් හෙතෙම පවසා සිටියේය.